නිහඬ බව රකින්න නැත්නම් අපි....නවත්තනවා - රටම වට වෙද්දි කැළඹීම මැද සාම පාගමනේ භික්ෂූන්ගෙන් ඉල්ලීමක් [VIDEO]
සාම පා ගමනේ නිහඬ බව රකිනා ලෙසත් ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් එම පාගමනේ යෙදෙන භික්ෂූන් වහන්සේලා අද(24) දින පා ගමනේ යෙදෙන අතරතුරදී ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියා.
ජනතාව එසේ කටයුතු නොකරන්නේ නම් කිසිවක් ලබා නොගන්නා බවටද උන්වහන්සේලා සඳහන් කර සිටියේ ජනතාවගෙන් කාරුණිකව සහ ඉවසිලිවන්ත ලෙස තම කාර්යයට සහයෝගය බලාපොරොත්තුවෙන්.
ඒ අනුව අද මෙසේ සාම පාගමනේ යෙදුනේ තෙවන දිනටයි. මේ අතර ලෝක සාමය පෙරදැරි කරගෙන විදේශීය භික්ෂූන් වහන්සේලා පිරිසක් පවත්වන පා ගමනට මෙරට තුළදී විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වන බාධාකාරී ස්වභාවය පිළිබඳව මහනුවර සහ මාතලේ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා කරුණු පැහැදිලි කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඔහු පෙන්වා දී ඇත්තේ ඇමෙරිකාව වැනි රටවලදී කිසිදු බාධාවකින් තොරව මෙම ගමන සිදු වුවද, ශ්‍රී ලංකාවේදී යූ ටියුබ්කරුවන් සහ ඡායාරූප ශිල්පීන් ඇතුළු විවිධ පිරිස් උත්සාහ කරන ආකාරය නිසා එම භික්ෂූන් වහන්සේලා දැඩි අපහසුතාවයට පත්වන බවයි.
මහනුවර කච්චේරියේදී අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මෙම අදහස් පළව ඇති බව සඳහන්.
එමෙන්ම සාම පා ගමනේ යෙදෙන භික්ෂූන් වහන්සේලා සමඟ එක්ව ගමන් කිරීමට කිසිදු පාර්ශවයකට අවසර ලබා නොදෙන බවටද පොලිසිය දැනුම් දී ඇති බව සඳහන්.
ලොවම කතා කළ "ආටෙමිස් II" මෙහෙයුම නිසා ශ්‍රී ලංකාව ගැන කතාවෙයි කියලා කවුද හිතුවේ - ශ්‍රී ලාංකිකයෙකුත් මෙහෙයුමට එක් වෙලා
කෙසේ වෙතත් මහජනතාවට ගමන නැරඹීමට අවස්ථාව පවතින බව සඳහන්. මේ අතර දඹුල්ල ප්‍රදේශයේදී ඡායාරූප ගැනීමට උත්සාහ කළ පිරිසක් නිසා පොලිසිය සමඟ යම් ගැටලුකාරී තත්වයක් ද උද්ගත වී ඇති බව වාර්තා වේ.
එමෙන්ම මෙම සංචාරයට එක්ව සිටින 'ආලෝකා' නැමැති සුනඛයා මේ වන විට රෝගාතුරව සිටින අතර, පශු වෛද්‍ය සහාය ඇතිව පොලිස් නිල සුනඛ අංශයේ අධීක්ෂණය යටතේ ගිලන් රියක රඳවා ප්‍රතිකාර කරනු ලබන බව සඳහන්.