ශාන්ත ජෝසප් විද්‍යාලයට කඩුලු 4ක විශිෂ්ඨ ජයග්‍රහණයක්

Report

ශාන්ත පීතර - ශාන්ත ජෝසප් 52 වැනි එක්දින මහා ක්‍රිකට් සංග්‍රාමය කඩුලු 4ක විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශාන්ත ජෝසප් විද්‍යාලය සමත්ව ඇත.

ඒ අනුව කොළඹ SSC පිටියේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශාන්ත පීතර විද්‍යාලය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 231ක් රැස් කිරීමට සමත් විය.

අනතුරුව ලකුණු 232ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශාන්ත ජෝසප් ක්‍රීඩකයින් පන්දුවාර 41.5ක් තුළ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 233ක ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීමට සමත්කම් දැක්විය.

සභාපති පුටුව වෙනුවෙන් අපේක්ෂකයන් 5 ක් තරගෙට - මෙවර ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය තියුණු වෙයි

සභාපති පුටුව වෙනුවෙන් අපේක්ෂකයන් 5 ක් තරගෙට - මෙවර ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය තියුණු වෙයි

එසේම ශාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ අවීෂ සමේෂ් ලකුණු 85ක් සහ සෙනුජ වැකුණගොඩ ලකුණු 73ක් රැස් කර ඇත.

එමෙන්ම පන්දු යැවීමේදී තාරීන් සංකේත් ලකුණු 38කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

ජයත්‍රගෙන් ජයග්‍රාහී ලෝකඩ පදක්කමක්

ජයත්‍රගෙන් ජයග්‍රාහී ලෝකඩ පදක්කමක්

ලංකාවට ආඩම්බරයක් එක්කරමින් රුමේෂ්ගෙන් තරග වාර්තාවක්

ලංකාවට ආඩම්බරයක් එක්කරමින් රුමේෂ්ගෙන් තරග වාර්තාවක්