පළවෙනි වතාවට ලංකාවට ආපු විශේෂ ආරාධනය - පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෙට ප්‍රංශයට
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී,නීතිවේදී ෆෙඩ්රික් වුට්ලර් මහතා හෙට (26) දින පෙරවරුවේ ප්‍රංශය වෙත පිටත්ව යමට නියමිත බව වාර්තා වේ.
ඒ, එරට ලියෝන් නගරයේදී පැවැත්වෙන ජාත්‍යන්තර පොලිසිය (INTERPOL) විසින් පවත්වනු ලබන පළමුවන මහජන සන්නිවේදනය උදෙසා වූ ගෝලීය සම්මේලනයට සහභාගීවීම වෙනුවෙන් බව සඳහන්.
එසේම එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් මෑත කාලයේ මෙරට පැනනැගුණු ආපදා තත්වයන්හීදී ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගේ ආරක්ෂාව හා සුබසිද්ධිය උදෙසා ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධයෙන් විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතව ඇත.
මේ අතර මෙවැනි ජාත්‍යන්තර පොලිස් සම්මේලනයක විශේෂ දේශනයක් පැවැත්වීමට ආරාධනා ලැබූ ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රථම මාධ්‍ය ප්‍රකාශකවරයා සහකාර පොලිස් අධිකාරී නීතිවේදී ෆෙඩ්රික් වුට්ලර් මහතා වීම විශේෂත්වයක්. එසේම මෙම සම්මේලනය 2026 අප්‍රේල් මස 28 දින සිට 30 වන දිනය දක්වා පැවැත්වෙන බව සඳහන්.