පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සාකච්චාවක්? රහසිගත සාකච්ඡාවක් ගැන ගම්මන්පිල හෙළි කරයි[VIDEO]

Report

වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ආණ්ඩුව තුළ රහසිගත සාකච්ඡාවක් සිදුවෙමින් පවතින බවට පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු කැබිනට් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව ඔහු සඳහන් කර ඇත්තේ පැලවත්ත සහ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තමන්ට ලැබී ඇති තොරතුරු අනුව, ජනාධිපතිවරයාගේ කුස්සි කැබිනෙට්ටුව නියෝජනය කරන දැවැන්ත ව්‍යාපාරිකයින් සහ උපදේශකයින් පිරිසක් අතර මෙම සාකච්ඡාව සිදුව ඇති බවයි.

එසේම ගම්මන්පිල මහතා ප්‍රකාශ කරන ලෙස ආණ්ඩුව බලයට පත්ව වසර එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ බරපතළ ලෙස කුණු වී ඇති අතර, අත්දැකීම් නොමැති කණ්ඩායමක් සමඟ රට කරගෙන යාම ජනාධිපතිවරයාට ගැටලුවක් වී ඇති බව සඳහන්.

ලංකාව කළඹපු භාණ්ඩාගාර වංචාවේ සම්පූර්ණේ විස්තරේ වමාරව ගන්න සැරසෙන හර්ෂ - වහ වහා කාරක සභාව කැඳවන්න සූදානමක්

ලංකාව කළඹපු භාණ්ඩාගාර වංචාවේ සම්පූර්ණේ විස්තරේ වමාරව ගන්න සැරසෙන හර්ෂ - වහ වහා කාරක සභාව කැඳවන්න සූදානමක්

එහිදී විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය වැනි වැදගත් තනතුරු පිරවීමට සුදුසු පිරිසක් නොමැති වීමත්, ආණ්ඩුවේ ඡන්ද පදනම ශීඝ්‍රයෙන් පහත වැටීමත් මෙයට ප්‍රධාන හේතු ලෙස ඔහු දක්වා ඇත.

හිටපු ඇමතිවරයා සිය අන්තර්ජාල නාලිකාවේ සාකච්ඡාවකට එක්වෙමින් පෙන්වා දුන්නේ ආණ්ඩුව 2001 වසරේ එවකට සිටි චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය අනුගමනය කළ උපාය මාර්ගයම ක්‍රියාත්මක කිරීමට සැරසෙන බවයි.

එනම්, පාර්ලිමේන්තුව විසුරුවා හැර බලය විපක්ෂයට ලබා දී, ජනාධිපතිවරයා සතු විධායක බලතල සහ වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය යොදා ගනිමින් විපක්ෂයේ ආණ්ඩුව කඩාකප්පල් කිරීමයි.

භාණ්ඩාගාර වංචාවේ සම්පූර්ණ වගකීම අනුර භාර ගත යුතුයි - රටම කතා කරන වංචාව ගැන පාඨලීගෙන් බරපතළ චෝදනාවක්

භාණ්ඩාගාර වංචාවේ සම්පූර්ණ වගකීම අනුර භාර ගත යුතුයි - රටම කතා කරන වංචාව ගැන පාඨලීගෙන් බරපතළ චෝදනාවක්

ඒ ඔස්සේ ජනතාවට විපක්ෂය එපා කරවා යළි බලය ලබා ගැනීම ඔවුන්ගේ අරමුණ බව ගම්මන්පිල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

කෙසේ වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වසර දෙකහමාරක් ගතවන තුරු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලයක් නැත.

එබැවින් වත්මන් 17 වන පාර්ලිමේන්තුව ප්‍රථම වරට රැස්වූ 2024 නොවැම්බර් 21 වන දින සිට වසර දෙකහමාරක් සම්පූර්ණ වන 2027 මැයි මස 21 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ආණ්ඩුවේ අභ්‍යන්තර සාකච්ඡාවලදී අවධානය යොමු වී ඇති බව ගම්මන්පිල මහතා පවසයි.

තවද එසේ නොකළහොත් ජාතික ජන බලවේගය සම්පූර්ණයෙන්ම දේශපාලනිකව හේදී යාමට ඉඩ ඇති බවට ඔවුන් බිය වී සිටින බවද ඔහු කියයි.

හැකරුන්ගේ වංචනික සිද්ධිය ලබන සතියේ මැතිසබයට

හැකරුන්ගේ වංචනික සිද්ධිය ලබන සතියේ මැතිසබයට

2029 දී ජනාධිපති වෙන්නෙත් අනුර ඒ හැර වෙන සුදුස්සෙක් නෑ - පක්ෂෙන් අතෑරියත් සමන්ත අනුර වෙනුවෙන් හිට ගනී

2029 දී ජනාධිපති වෙන්නෙත් අනුර ඒ හැර වෙන සුදුස්සෙක් නෑ - පක්ෂෙන් අතෑරියත් සමන්ත අනුර වෙනුවෙන් හිට ගනී

අඳාළ වීඩියෝව පහතින්,