සාම පාද යාත්‍රාවේ පස්වන දිනය හෙට තෝලංගමුවෙන් ඇරඹෙයි - වන්දනාමාන කිරීමට එන ජනතාවට විශේෂ දැනුම්දීමක්
අමෙරිකාවේ සිට වැඩම කළ පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේගේ සහභාගිත්වයෙන් සිදුවන "ඒහි පස්සිකෝ" සාම පාද යාත්‍රාවේ සිව්වන දිනය අද (25) පස්වරුවේ අවසන් විය.
අද (25) පෙරවරුවේ මාවනැල්ල, බෙලිගම්මන විද්‍යාවර්ධන පිරිවෙන් පොත්ගුල් විහාරයෙන් ආරම්භ කළ සාම පාගමන තෝලංගමුව ජාතික පාසල වෙත වැඩම කිරීමත් සමඟ මෙසේ අවසන් විය.
එසේම තෝලංගමුවේ සිට හෙට (26) දින පස්වන දිනට ගමන් ආරම්භ කරන සාම පාද යාත්‍රාව කජුගම, යක්කල, මහර, කැලණිය හරහා ලබන 28 වැනි දින කොළඹ නිදහස් චතුරස්‍රය වෙත ළඟා වීමට නියමිතයි.
මේ අතර ලෝක සාමය පතා සිදුකරන, ජාත්‍යන්තර අවධානය දිනාගත් සාම පාගමන සාර්ථක කරගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කර ඇත.
ඒ අනුව පොලිස් මූලස්ථානය පෙන්වා දෙන්නේ මෙම සාම පාගමන පිළිගැනීම සහ එයට ගෞරව වන්දනාමාන කිරීමට පාගමන ගමන් කරන මාර්ගය දෙපස විශාල ලෙස ජනතාව එක්රැස්වීම් නිරීක්ෂණය වන බවයි.
සැදැහැවතුන් තුළ පවතින ගෞරවය සහ උනන්දුව අගය කොට සැලකුවත් ඇතැම් ප්‍රදේශවල ජනතාව එක්රැස් වන අවස්ථාවලදී එකිනෙකා තල්ලු කරගැනීම්, තෙරපීම් හා වීඩියෝගත කිරීම් මෙන්ම පාගමනට එක්ව සිටින ආලෝකා සුනඛයා ස්පර්ශ කිරීම හා සෙල්ෆි ඡායාරූප ගැනීමට උත්සාහ කිරීම සාම පාගමනට බාධාකාරී තත්ත්වයක් බව පොලිසිය ප්‍රකාශ කරයි.
අනිද්දා පැවැත්වීමට තිබූ මෙම තරග විභාගය නැවත දැනුම් දෙන තුරු කල් යයි - අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්
එබැවින් පාගමනට එක්ව සිටින භික්ෂූන් වහන්සේ ශ්‍රී ලාංකික ජනතාවගෙන් බලාපොරොත්තු වන්නේ විනයගරුක හැසිරීමක් වන බැවින් මාර්ගය දෙපස එක්රැස්ව සාම පාගමනට ගෞරව දැක්වීම විනයානුකූලව සහ මනා සංයමයකින් යුතුව සිදුකරන මෙන් පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කර ඇත.
විශේෂයෙන් එම භික්ෂුන් වහන්සේ හා දූත පිරිසට බාධා හෝ හිංසාකාරීවන ක්‍රියාවන් සිදුනොකරන ලෙසත් ඔවුන්ගේ ආරක්ෂාව සැලසීමට සහයෝගය ලබාදෙන ලෙසත් පොලීසිය වැඩිදුරටත් දැනුම් දී ඇත.