ලොවම පුදුම වෙයි - සාම පාද යාත්‍රාවේ ස්වාමීන් වහන්සේලාට ගිලන්පස මුස්ලිම් පල්ලියෙන්
By Ashfa
"ඒහි පස්සිකෝ" සාම පාද යාත්‍රාවේ සිව්වන දිනය අද (25) මාවනැල්ල බෙලිගම්මන විද්‍යාවර්ධන පොත්ගුල් විහාරයෙන් ආරම්භ වීය.
දිවයිනට වැඩමකර සිටින වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේගේ සහභාගිත්වයෙන් මෙම පාගමන පසුගිය 21 වන දින දඹුල්ල රජමහා විහාරස්ථානයෙන් ආරම්භ කෙරුණි.
මෙම සාම පාගමනේ ස්වාමීන් වහන්සේලා ඊයේ දිනයේදී ගිලන්පස සඳහා අකුරණ මුස්ලිම් පල්ලියට වැඩම කිරීම ජනතාවගේ ප්‍රශංසාවට හේතු වී ඇත.
සාම පාගමනේ ස්වාමීන් වහන්සේලා සදහා වූ ගිලන්පස මෙලෙස පල්ලියක සූදානම් වීම තුලින් රටේ ජාතික සමගිය හා සංහිදියාව ලොවටම විදහා පාන බව සමාජ මධ්‍යයේ ජනතාව සතුට ප්‍රකාශ කර ඇත.
එහි දර්ශන පහතින්,
@pacewalkslr සාම පාගමනේ ස්වාමීන් වහන්සේලා ගිලන්පස සඳහා අකුරණ මුස්ලිම් පල්ලියට.. ☪️☸️💖 #walkforpeace #Aloka #peacewalksl #samapaadayathraa #srilanka ♬ original sound - Arfan Akthi