අමෙරිකාවෙන් ඉරානයට දැඩි ආර්ථික ප්‍රහාරයක්

Report

එක්සත් ජනපදය ඉරානයට එරෙහි ආර්ථික පීඩනය තවදුරටත් වැඩි කරමින්, න්‍යෂ්ටික ගිවිසුමක් පිළිගැනීමට එය පොළඹවා ගැනීමට උත්සාහ කරමින් සිටී.

ඉරානයේ ප්‍රධාන ආදායම් මාර්ගය වන බොරතෙල් අපනයනය සීමා කිරීමේ අරමුණින්, එක්සත් ජනපද නාවික හමුදාව ජාත්‍යන්තර ප්‍රධාන ඉන්ධන ප්‍රවාහන මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධියේ මෙහෙයුම් තීව්‍ර කර ඇති බව වාර්තා වේ.

මෙම පසුබිම තුළ, ඉරාන තෙල් වෙළඳාමට සම්බන්ධ බවට චෝදනා කරමින් එක්සත් ජනපදය චීනයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථාන, නැව් සමාගම් 40කට සහ තෙල් ටැංකි කිහිපයකට ආර්ථික සම්බාධක පනවා තිබේ.

මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් ඉල්ලා අස්වීම ඉල්ලයි

මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් ඉල්ලා අස්වීම ඉල්ලයි

ඒ අතර, ඩාලියන් නගරයේ හෙන්ග්ලි පෙට්‍රොකෙමිකල් සමාගමේ පිරිපහදුව විශේෂයෙන් සඳහන් වේ. 2023 වසරේ සිට එම සමාගම ඉරාන බොරතෙල් මිලදී ගෙන ඇති බව එක්සත් ජනපදය ප්‍රකාශ කරයි.

මෙම වෙළඳාම මඟින් ඉරානය ඩොලර් මිලියන සිය ගණනක් ආදායම් උපයා ඇති අතර, එම මුදල් හමුදා කටයුතු සඳහා යොදාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබේ. අදාළ පිරිපහදු මධ්‍යස්ථානයේ දෛනික ධාරිතාව බොරතෙල් බැරල් 400,000කට ආසන්නය.

මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සඳහන් කළේ, “ඉරානය තම තෙල් ලෝක වෙළඳපොළට ප්‍රවාහනය කිරීමට භාවිතා කරන නැව්, තැරැව්කරුවන් සහ ගැනුම්කරුවන්ගේ ජාලය අපි ඉලක්ක කරමින් පාලනය කරමු. එසේම, ඉරාන සහ රුසියානු තෙල් සඳහා දෙන නිදහස් කිරීම් දීර්ඝ නොකෙරේ. එමඟින් ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු නවතා දැමීමට බලපෑම් ඇති වේ” යනුවෙනි. 

ඉරාන ගුවන් සීමාව යළිත් කාර්යබහුල වෙයි

ඉරාන ගුවන් සීමාව යළිත් කාර්යබහුල වෙයි

තෙල් සංස්ථාවට බිලියන 36ක දැවැන්ත ලාභයක් - 2025 මූල්‍ය වාර්තාව මෙන්න

තෙල් සංස්ථාවට බිලියන 36ක දැවැන්ත ලාභයක් - 2025 මූල්‍ය වාර්තාව මෙන්න