කොල්ලකරුවන් පැහැරගත් නෞකාවක ශ්‍රී ලාංකිකයෙකුත්

Report

සෝමාලියානු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගන්නා ලද ඉන්ධන ප්‍රවාහන නෞකාවක කාර්ය මණ්ඩලය අතර ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පුද්ගලයන් 17 දෙනෙකුගෙන් සමන්විත මෙම කාර්ය මණ්ඩලයට පකිස්තාන ජාතිකයින් 10 දෙනෙකු, ඉන්දුනීසියානු ජාතිකයින් සිව්දෙනෙකු සහ ඉන්දියානු මෙන්ම මියන්මාර ජාතිකයෙකු බැගින් ඇතුළත් වේ.

2026දී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට හෙළිදරව්වක්

2026දී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට හෙළිදරව්වක්

ඉන්ධන බැරල් 18,500ක් රැගත් මෙම නෞකාව පසුගිය බදාදා රාත්‍රියේ සෝමාලියානු වෙරළට නාවික සැතපුම් 30ක් දුරින් තිබියදී තුවක්කුකරුවන් පිරිසක් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මේ වන විට නෞකාව කොල්ලකරුවන්ගේ පාලනය යටතේ සෝමාලියානු වෙරළට ආසන්නව නැංගුරම් ලා ඇති අතර, යුරෝපීය නාවික හමුදාව හෝ සෝමාලියානු බලධාරීන් මේ පිළිබඳව මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

ලංකාවේ ධීවර කටයුතුවලට නෝර්වේ රජයේ අවධානය - නොමිලේ ලැබෙන්න යන දේ

ලංකාවේ ධීවර කටයුතුවලට නෝර්වේ රජයේ අවධානය - නොමිලේ ලැබෙන්න යන දේ