ලෝකෙම බලාපොරොත්තු බිඳ දමමින් ට්‍රම්ප් දුන් උපදෙස - පාකිස්තාන ගමන අවලංගුයි
By Kaushi
මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් නිරාකරණය සම්බන්ධයෙන් වන සාකච්ඡාව වෙනුවෙන් පාකිස්තානයට නොයන ලෙසට අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් ස්ටීව් විට්කොෆ් සහ ජෙරාඩ් කුෂ්නර් හට උපදෙස් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මාධ්‍ය වාර්තා පළව තිබුණේ සාම සාකච්ඡාව සඳහා ඔවුන් අද (25) දින පාකිස්තානය බලා යාමට සැලැසුම් කරමින් සිටින බවටයි.
එහෙත් අමෙරිකානු ජනාධිපතිවරයා සිය නියෝජිතයින්ට පවසා ඇත්තේ, අදාළ සංචාරය සිදු නොකරන ලෙසට බව වාර්තා වේ.
එමෙන්ම කිසිදු සාකච්ඡාවක් නොකර සිටීමට පැය 18ක ගුවන් ගමනක් අනවශ්‍ය බව ඔවුන්ට ප්‍රකාශ කළ බව ඩොනල්ට් ට්‍රම්ප් Fox News වෙත ප්‍රකාශ කර ඇති බව සඳහන්.