හමුදාවෙන් පැන්නද එහෙනම් යන්නම වෙනවා මෙන්න විස්තරේ

Report

නීත්‍යානුකූල නොවන ආකාරයෙන් සේවය අවසන් කිරීමට ප්‍රථම, සේවය හැරගොස් සිටින ත්‍රිවිද හමුදා සමාජිකයින් 3,500කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

අවුරුදු 18ට අඩු ළමුන්ට රජයෙන් නොමිලේ ලැබෙන දේ මෙන්න -මේක නම් නියම වැඩක්

අවුරුදු 18ට අඩු ළමුන්ට රජයෙන් නොමිලේ ලැබෙන දේ මෙන්න -මේක නම් නියම වැඩක්

එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ පසුගිය පෙබරවාරි මස 22 වන සිට අගෝස්තු මස 3 වන දින දක්වා කාලය තුළ සිදුකළ මෙහෙයුම්වල දී සේවය හැරගොස් සිටි ත්‍රිවිද හමුදා සාමජිකයින් 3,504 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.

ඒ අනුව අත්අඩංගුවට ගත් පිරිස අතර යුද හමුදා සෙබලුන් 2,937 දෙනෙකු වන බව සඳහන් වේ. ඊට අමතරව නාවික හමුදා සෙබලුන් 289 දෙනෙකු සහ ගුවන් හමුදා සෙබලුන් 278 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යංහය සඳහන් කරයි.

අලි මදිවට කොටිත් රක්ෂිතයේ කොටියෙක් මරා හම අරන් යයි

අලි මදිවට කොටිත් රක්ෂිතයේ කොටියෙක් මරා හම අරන් යයි

එලෙස හමුදාව හැරගොස් සිටින සාමාජිකයින් සඳහා හමුදාවට භාරවීමට පසුගිය වසරේ පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබු අතර එම කාලය තුළ භාර නොවු පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය පෙබරවාරි මස 22 වන දින සිට මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.