අලි මදිවට කොටිත් රක්ෂිතයේ කොටියෙක් මරා හම අරන් යයි

Report

පසුගිය කාල සීමාවේදී අලි ඇතුන් වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම් බොහෝ ප්‍රදේශවලින් වාර්තා වීමත් සමගම වන ජීවීන් පිළිබඳ වෙනදටත් වඩා අවධානය යොමු කිරීමට වන ජීවි දෙපාර්තමේන්තුව විවිධ ආකාරයේ සැලසුම් ක්‍රියාත්මක කළේය.

ඒ අනුව සිදුකෙරූ සොයා බැලීම් සමග වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් (04) මදුරු ඔය ජාතික වනෝද්‍යානයෙන් හම් ගලවන ලද දිවියෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

අදත් ගිගුරුම් සහිත වැසි

අදත් ගිගුරුම් සහිත වැසි

Leopocon සංවිධානය විසින් පළ කරන ලද සටහනකට අනුව, මෙය මෙම වසරේ වාර්තා වූ 14 වන දිවි දඩයම් කිරීමේ සිද්ධිය ලෙස මෙය මෙමඟින් ශ්‍රී ලංකාවේ දිවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් මතු වේ.

මාලිමාවේ මන්ත්‍රීවරු 159කගේ මාසික වැටුප ලක්ෂ 477ක් පැලවත්තේ ගිණුමට රජයට ආදායම් බදු නෑ

මාලිමාවේ මන්ත්‍රීවරු 159කගේ මාසික වැටුප ලක්ෂ 477ක් පැලවත්තේ ගිණුමට රජයට ආදායම් බදු නෑ

මීට දින කිහිපයකට පෙර කොත්මලේ කටුකිතූල ප්‍රදේශයෙන් ද පිරිමි දිවියෙකුගේ මළ සිරුරක් සොයා ගන්නා ලදි.මෙවැනි ක්‍රියා දිගින් දිගට්ම සිදුවුවහොත් එය වනජීවීන්ගේ ජීවිතවලට විශාල තර්ජනයක් විය හැකිය. අදාළ සිදුවීම් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව වනජීවී නිලධාරීහු පවසති.

ප්‍රධාන මාර්ගයේ ඉන්ධන කාන්දුවීමක් යතුරු පැදි රැසක් අනතුරට

ප්‍රධාන මාර්ගයේ ඉන්ධන කාන්දුවීමක් යතුරු පැදි රැසක් අනතුරට