අවුරුදු 18ට අඩු ළමුන්ට රජයෙන් නොමිලේ ලැබෙන දේ මෙන්න -මේක නම් නියම වැඩක්

Report

රජය අවුරුදු 18 ට අඩු දරුවන් වෙනුවෙන් සුවිශේෂී අවස්ථාවක් හිමිකරදීී තිබේ. ඒ අනුව සංස්කෘතික අරමුදලට අයත් ව්‍යාපෘති වයස අවුරුදු 18ට අඩු දරුවන්ට නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබාදීමට රජය තීරණය කර තිබේ.

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි

මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලය විසින් අදාළ යෝජනාවට අනුමැතිය ලබාදී තිබෙන බවට වාර්තා වේ. දේශීය දරුවන් අතර සංස්කෘතික උරුමයන් පිළිබඳ ඇගයීමක් ඇති කිරීම සහ ජාතික උරුමයන් සහ ස්ථාන පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම මෙහි මූලික අරමුණ බව වැඩිදුරටත් සඳහන්.

මාලිමාවේ මන්ත්‍රීවරු 159කගේ මාසික වැටුප ලක්ෂ 477ක් පැලවත්තේ ගිණුමට රජයට ආදායම් බදු නෑ

මාලිමාවේ මන්ත්‍රීවරු 159කගේ මාසික වැටුප ලක්ෂ 477ක් පැලවත්තේ ගිණුමට රජයට ආදායම් බදු නෑ

ඒ අනුව මෙම අවස්ථාව හේතුවෙන් සීගිරිය, යාපහුව, දඹුල්ල ඇතුළු මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන 26ක් ප්‍රවේශ පත්‍ර රහිතව ළමුන්ට නැරඹීමේ අවස්ථාව හිමිවේ.

අදත් ගිගුරුම් සහිත වැසි

අදත් ගිගුරුම් සහිත වැසි

මෙයට සමගාමීව විදේශීය ළමුන් සඳහා ද සීමිත කොන්දේසී යටතේ අදාළ ස්ථාන සඳහා ඇතුළු වීමේ අවසර පත්‍ර නිකුත් කිරීමට තීරණය කර ඇති බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සඳහන් කළේය.

පොලීසියේ ඉහළ පුටු කීපයක් මාරු කරයි

පොලීසියේ ඉහළ පුටු කීපයක් මාරු කරයි