අලුත් බලාපොරොත්තුවක් සමග සෞදියෙන් පණිවිඩයක් ..
ශ්‍රී ලංකාව වෙත ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීම පිළිබඳව රජය දිරිමත් කළ සෞදි අරාබි තානාපතිවරයා, සෞදි අරාබියේ ආයෝජන මෙරටට ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ හිතකර පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත්කම ද අවධාරණය කළා.
මේවන විටත් ශ්‍රී ලංකාව තුළ සැලකිය යුතු මට්ටමේ සෞදි ආයෝජනයන් ඇති බවත්, ඒ තුළින් අනාගත සහයෝගීතාව වැඩි දියුණු කර ගැනීමට හැකියාව සැලසෙන බවත් තානාපතිවරයා වැඩි දුරටත් පෙන්වා දුන් බවද සඳහන්.
මෙම හමුව තුළින් දෙරට අතර පවත්නා රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා තව දුරටත් තහවුරු වනු ඇති බව තානාපති අල්කතානි පැවසූ බවයි ජනාධිපති මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ