මවක් ගත්ත හදිසි තීරණයක් .. සිගිත්තියකගේ ජීවිතය අනු නවයෙන් බේරුණු හැටි ..

By Piyumika Oct 10, 2024 10:23 AM GMT
Report

දුම්රිය රියදුරුගේ දැඩි අවධානය නිසාවෙන් දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණියකගේ දිවි බේරා ගැනීමට අද (10) උදෑසන හැකිව ඇත.

මෙම සිදුවීම සිදුව ඇත්තේ කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල, හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුරදීය.

ජනතාව ගැන කලකිරිලා ශෙහාන් සේමසිංහ ගත්ත තීරණය..

ජනතාව ගැන කලකිරිලා ශෙහාන් සේමසිංහ ගත්ත තීරණය..

මෙහිදී එම මවගේ සහ දියණියගේ දිවි බේරුණ ද, දුම්රිය ගැටීමෙන් දෙදෙනාටම සුළු තුවාල සිදුව තිබේ.

ඒ හේතුවෙන් 1990 සුව සැරිය ගිලන් රථයක් මඟින් ඔවුන් දෙදෙනා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, මේ වනවිට ඔවුන් එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවරයන් පිරිසක් නාවික හමුදා භාරයට..

අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවරයන් පිරිසක් නාවික හමුදා භාරයට..

අදාළ අංක 830 දරණ දුම්රිය අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබියදී හිගුරල උප දුම්රිය ස්ථානය අසල දුම්රිය නැවැත්විය යුතු නිසාවෙන්, එම දුම්රිය වේග පාලනයක් යටතේ ධාවනය කර වූ බැවින් මෙම ජීවිත බේරා ගැනීමට හැකි වූ බව ප්‍රදේශවාසීන් පවසයි.

සිද්ධියට මුහුණ දුන් මවගේ පෞද්ගලික ගැටලුවක් මත මෙලෙස දියණිය සමග දුම්රියට පැන සියදිවි නසා ගැනීමේ අරමුණින් දුම්රිය මාර්ගය හරහා නිදා සිට ඇතැයි මේ වනවිට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.