අත්‍යවශ්‍ය ඖෂධ 14ක හිඟයක්..!

Ranil Wickremesinghe Prime minister Ministry of Health Sri Lanka
By Sewvandhi May 16, 2022 02:35 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අත්‍යාවශ්‍ය ඖෂධ 14ක් මේ වනවිට රට තුළ හිඟ වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එයින් ඖෂධ දෙකක් හෝ ගෙන්වා ගැනීමට වෛද්‍ය සැපයුම් අංශයට මේ මොහොතේ හැකියාවක් නොමැති බව ද අගමැතිවරයා පෙන්වා දෙයි.

මෙරට ආර්ථික තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වු අගමැතිවරයා,

"හෘද රෝගීන්ට අවශ්‍ය ඖෂධ, සැත්කම් සඳහා අවශ්‍ය ශෛල්‍ය උපකරණ ඇතුළු ඖෂධ වර්ග රාශියක් දැඩි හිඟයක් දැන් පවතිනවා. ඖෂධ, සැත්කම් සඳහා අවශ්‍ය ශෛල්‍ය උපකරණ සහා ආහාර සපයන සැපයුම්කරුවන්ට මාස 4කින් ගෙවීම් කර නෑ. ඔවුන්ට ගෙවීමට තිබෙන හිඟ මුදල රුපියල් බිලියන 34ක්. ඒ වගේම රාජ්‍ය ඖෂධ සංස්ථාව ආනයනය කළ ඖෂධවලට මාස 4කින් ගෙවීම් කරලා නෑ.

ඒ නිසා ඔවුන්ට අසාදු ලේඛනගත කිරීමට විශේෂ ඖෂධ සමාගම් කටයුතු කරමින් සිටිනවා. කනගාටුම කාරණය තමා අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 14ක් හිඟ වී තිබීම. ඉන් දෙකක්වත් සැපයීමට අපගේ වෛද්‍ය සැපයුම් අංශයට මේ මොහොතේ හැකියාවක් නොමැති වීම. එම ඖෂධ දෙක වන්නේ හෘද රෝග සඳහා භාවිත කරන ඖෂධයක් හා ප්‍රතිජලභීතිකා ඖෂධයක්. ප්‍රතිජලභීතිකා ඖෂධ සඳහා විකල්පයක් නෑ."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now