අපිට කියලා වැඩක් නැහැ.. ඒක කියන්න ඕනේ රටට.. ආණ්ඩුවට සති 2ක් දෙනවා.. වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව

Sri Lanka Harini Amarasuriya Latest Headlines Doctors
By Piyumika Feb 07, 2025 04:25 AM GMT
Piyumika

Piyumika

Report

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කිරීමට අදාළ ආණ්ඩුවේ ස්ථාවරය දැනුම්දීමට වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් ආණ්ඩුවට සති 2ක කාලයක් ලබාදුන් බව එහි කැඳවුම්කරු රවිදු සචින්ත පැවසීය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම සති 2ක කාලය තුළ අදාළ කැබිනට් තීරණ අහෝසි කරගැනීමට ද ආණ්ඩුවට කාලය තිබෙන බවය.

දේශීය සහල් සිල්ලර මිලට සිදුව ඇති දේ...

දේශීය සහල් සිල්ලර මිලට සිදුව ඇති දේ...

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අතර ඊයේ (06) පැවැති සාකච්ඡාවෙන් පසු රවිදු සචින්ත මාධ්‍ය වෙත මෙම අදහස් පළ කළේය.

"මේ සාකච්ඡාවේදි අපි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විදියට අපේ ස්ථාවරය පැහැදිලි කළා. විශේෂයෙන් රජයේ රෝහල් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට ලබාදීම සම්බන්ධයෙන් රජය ඒකට විරුද්ධයි කියන එක අපිට අර කලින් කිව්වා වගේ ප්‍රකාශ කළා. ඒක අපිට කියලා වැඩක් නැහැ.. ඒක කියන්න ඕනේ රටට. අපි ආණ්ඩුවට සති 2ක කාලයක් ලබාදුන්නා කැබිනට් තීරණ අහෝසි කරගන්න. ඒ වගේම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කිරීමට අදාළ ආණ්ඩුවේ ස්ථාවරය මොකක්ද කියලා රටට කියන්න."

ඉල්ලීම් කිහිපයක් මුල කරගනිමින් වෛද්‍ය පීඨ සිසුන් විසින් ඊයේ පස්වරුවේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක නිරතවුණි.

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ යෝජනාවක් අද පාර්ලිමේන්තුවට...

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ යෝජනාවක් අද පාර්ලිමේන්තුවට...

අනතුරුව ඔවුන් විරෝධතා පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කිරීමත් සමග ඕල්කට් මාවත සහ ඒ ආශ්‍රිත මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් හට ගත්තේය.

පසුව ඔවුන්ට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමග සාකච්ඡාවක් ලබාදී තිබුණි.

You may like this video

ReeCha