රූපවාහිනී නාලිකා බලපත් කොන්දේසි කැඩුවොත් වෙන්නේ මේකයි - නලින්ද සැර වෙයි
රූපවාහිනී නාලිකා බලපත් කොන්දේසි කැඩුවොත් ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය පරීක්‍ෂණ ආරම්භ කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා ඊයේ (22)දින ප්‍රකාශ කර ඇත.
ඒ අනුව ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය සහ ජනතාවගේ සෞඛ්‍ය,ජාතික සමගිය සංහිඳියාව සම්බන්ධයෙන් බලපත්‍ර නිකුත් කිරීමේදී මාධ්‍ය ආයතන එකඟ වන කරුණු කඩ කළොත් ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාට පැමිණිලි ලැබුණු පසු අදාළ පාර්ශ්ව ගෙන්වා සාකච්ඡා කරන බවද ඔහු සඳහන් කර තිබෙනවා.
එමෙන්ම වැරදි තොරතුරු ප්‍රචාරය කරන මාධ්‍ය ආයතනවල නිවැරදි කිරීම් ප්‍රමාණවත් නොමැති නම් කරන්නේ කුමක්දැයි ඊළඟට සාකච්ඡා කළ හැකි බවද නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර ඇත.
ලාල් කාන්ත අමාත්‍යවරයා ජනමාධ්‍ය ආයතනයක් සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශයට කළ පැමිණිල්ලේ යථා තත්ත්වය කුමක්දැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් දක්වා ඇත.
එසේම ඔහු වැඩිදුරටත් අවධාරණය කරමින් කියා ඇත්තේ ලාල් කාන්ත ඇමතිවරයාගෙන් පමණක් නොව තවත් පැමිණිලි කිහිපයක්ම ලැබී තිබෙන බවයි.
එබැවින් ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ඒ ගැන අදාළ කටයුතු කරනු ඇතැයි නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා.