පාස්කු විමර්ශන තව කෙටි කාලයකින් ඉවර කරනවා - රටම ඉල්ලූ සාධාරණයට ඇමතිගෙන් ප්‍රකාශයක්
පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන තවත් කෙටි කාලයක් තුළ සාර්ථකව අවසන් කිරීමට හැකි වනු ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කර ඇත.
ඒ අනුව අද (21) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, එම විමර්ශන මේ වනවිට සාර්ථකව ඉදිරියට ගොස් යම් ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි.
එසේම ඉදිරියටත් විමර්ශන නිවැරදිව සිදු කිරීමට පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියා කරන බවද ඔහු සඳහන් කර ඇත.
එම විමර්ශන සම්බන්ධයෙන් අධිකරණයටද කරුණු වාර්තා කර ඇති අතර, තවත් කෙටි කාලයක් තුළ ඒවා සාර්ථකව අවසන් කිරීමට හැකි වනු ඇති බවට අමාත්‍යවරයා විශ්වාසය පළ කර ඇත.
ඊට අමතරව ඔහු අවධාරණය කර ඇත්තේ පාස්කු ප්‍රහාරය පමණක් නොව, රට තුළ සිදු වූ සියලුම නීතිවිරෝධී ක්‍රියාකාරකම්, අල්ලස්, දූෂණ, වංචා සහ මූල්‍ය අවභාවිතාවන් සම්බන්ධයෙන්ද විමර්ශන පූර්ණ විනිවිදභාවයෙන් යුතුව, ජනතා විශ්වාසය ආරක්ෂා වන ආකාරයට සිදුකරන බවයි.
මේ අතර ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මෙවර මැයි දිනය සඳහා රටපුරා පැවැත්වීමට නියමිත සියලුම මැයි රැලි සඳහා අවශ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් සූදානම් කර ඇති බවයි.
රනිල්ට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනකු රහස් පොලිසියට - අසතුටුදායක තත්ත්වයක් ගැන ජී.එල් කට අරී