පරිසර නියමුවන්ට 11 වෙනි වරටත් ජනපතිගෙන් ඇඟයුම් [PHOTOS]
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (21) දින පෙරවරුවේ පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය පැවතුණා.
මධ්‍යම පරිසර අධිකාරිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය වාර්ෂිකව පරිසර සංරක්ෂණය සහ කළමනාකරණය පිළිබඳව දැනුමෙන් පිරිපුන් සිසුන් වෙනුවෙන් ජනාධිපති පදක්කම් පිරිනමා ඔවුන් ඇගයීමට ලක් කිරීමට සිදු කරන්නකි.
ඒ අනුව එය මෙවර 11 වෙනි වරටත් පැවතුන අතර පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවයේදී පරිසර නියමුවෝ 192ක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් ජනාධිපති පදක්කම් ලබා තිබෙනවා.
එසේම පාසල් සිසුන් පරිසර නියමුවන් ලෙස පුහුණු කළ ගුරුවරුන්ට උපහාර පිදීමද මෙහිදී සිදු කර තිබෙනවා.
මෙහිදී 2025 පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවයට සම්පාදනය කෙරුණු විශේෂ සමරු කලාපයද ජනාධිපතිවරයා වෙත පිළිගැන් විය.
සභාව ඇමතූ පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පරිසර දූෂණයේ අහිතකර ප්‍රතිවිපාකවලට අද මුළුමහත් ලෝකයටම මුහුණ දීමට සිදුව ඇති බව ප්‍රකාශ කළා.
එසේම ඔහු අප කුඩා කල අත් නොවිඳී, මානව ක්‍රියාකාරකම් නිසා වර්තමාන පරපුරට අත්විඳීමට සිදුව ඇති, පරිසර විනාශය ආපසු හරවමින් සියලු ජීවින්ට යහපත් පරිසරයක් උදාකර දීමේ වගකීම සියලුදෙනා වෙත පැවරී තිබෙන බවත් කියා සිටියා.
ඊට අමතරව ඔහු වර්තමාන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළද පරිසරය ආරක්ෂා කර ගැනීම පිළිබඳ ප්‍රමුඛ අවධානයක් යොමු කරමින් වැඩසටහන් රැසක් හඳුන්වා දී තිබෙන බව සඳහන් කළ අතර එහි ප්‍රධාන වැඩසටහනක් වශයෙන් Clean Sri Lanka වැඩසටහන මේ වන විට ශක්තිමත්ව ක්‍රියාවට නංවා තිබෙන බව ද පැවසුවා.




