එක්සත් ජනපදය තුල සරම්ප රෝගය යළිත්

Measles United States of America Texas Sinhala news
By Hashini Jul 08, 2025 05:42 AM GMT
Hashini

Hashini

Report

එක්සත් ජනපදයේ සරම්ප රෝගීන් සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව එරට වසර 33කට පසු සරම්ප රෝගීන්ගේ ඉහළම අගය එරටින් වාර්තා වී ඇති අතර එය පසුගිය සිකුරාදා දිනය වන විට එරට තහවුරු වූ ආසාදිතයින් සංඛ්‍යාව 1,300කට ආසන්න වී ඇත.

එමෙන්ම එක්සත් ජනපදය තුළ මේ වසරේ මේ දක්වා ප්‍රාන්ත 38ක සරම්ප රෝගීන් වාර්තා වී ඇති අතර එහිදී පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් රෝගීන් 155 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

එරට රෝග පාලන මධ්‍යස්ථානයට අනුව සරම්ප රෝගීන්ගෙන් 92%ක් පමණ එන්නත් ලබා නොගත් පිරිස බවටද මේ වන විට හෙළිව තිබේ.

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

මේ වන විට හෙළිව ඇත්තේ වඩාත්ම බලපෑමට ලක්වූ ප්‍රාන්තය ටෙක්සාස් ප්‍රාන්තය වී ඇති අතර එහි රෝගීන් 700කට වඩා වාර්තා වී ඇති බවයි.

එක්සත් ජනපද රෝග පාලන මධ්‍යස්ථානයට අනුව අමෙරිකා එක්සත් ජනපදයේ සරම්ප රෝගීන් 1990 වසරේදී ඉහළම අගයක් ගෙන ඇති අතර එහිදී ආසාධිතයින් 28,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

පසුගිය 2000 වසරේදී එක්සත් ජනපදයෙන් මෙම රෝගය තුරන් කළ බව ප්‍රකාශයට පත් කළ අතර ඉහළ එන්නත් අනුපාත සහ වේගවත් වසංගත ප්‍රතිචාර හේතුවෙන් රෝගීන් වාර්තා වීමද අවම වී තිබුනා.

කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

2014 වසරේදී රෝගීන් නැවත සුළු වශයෙන් ඉහළ යාමට පටන් ගෙන ඇති අතර එය 2019 වසරේදී නැවතත් තහවුරු කරන ලද ආසාදිතයින් සංඛ්‍යාව 1,274ක් වාර්තා වී තිබුණු අතර 2025 වසරේදී එම රෝගීන්ගේ අගය ඉක්මවා ගොන් ඇති අතර මේ වන විට ආසාධිතයින් 1,277ක් වාර්තා වී ඇත.

මාස 12කට වඩා වැඩි කාලයක් මෙම අනුපාතයන් යටතේ රෝගීන් වාර්තා වුවහොත් එක්සත් ජනපදයේ සරම්ප තුරන් කිරීමේ තත්ත්වය අහිමි වනු ඇති බවයි එරට මහජන සෞඛ්‍ය විශේෂඥයින් මෙම තත්ත්වය හමුවේ පවසා ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එක්සත් රාජධානිය ඇතුළු අනෙකුත් රටවලද මෑතකදි විශාල ලෙස සරම්ප රෝගීන් වාර්තා වී ඇති අතර 2012 වසරෙන් පසු එංගලන්තයේ වාර්තා වූ වැඩිම තහවුරු කරන ලද සරම්ප රෝගීන් සංඛ්‍යාව 3,000කට ආසන්න සංඛ්‍යාවක් බව පසුගිය වසරේ වාර්තා වී තිබෙනවා.

එමෙන්ම මෙම වසරේ ජනවාරි මාසයේ සිට එංගලන්තයේ සරම්ප රෝගීන් 529ක් වාර්තා වී ඇති අතර කැනඩාවේ මෙම වසරේ ගතවූ කාලය තුළ රෝගීන් 3,000කට වඩා වාර්තා වී ඇත.

මෙන්න වැඩක් චන්ද්‍රසේනට බත් එවන්නේ ගෙදරින් - බන්ධනාගාරයෙන් අවසර දීලා

මෙන්න වැඩක් චන්ද්‍රසේනට බත් එවන්නේ ගෙදරින් - බන්ධනාගාරයෙන් අවසර දීලා

ReeCha