මැතිව් කූනමන්ට යළිත් පන්දු යැවීමට ICCයෙන් අවසර

By Gagana News Feb 26, 2025 02:45 PM GMT
Report

පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට චෝදනා එල්ල වූ ඔස්ට්‍රේලියානු දඟපන්දු යවන ක්‍රීඩක මැතිව් කූනමන්ට (Matthew Kuhnemann) යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම සඳහා ICCය විසින් අවසර ලබාදී ඇත.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ගාල්ලේ පැවති ටෙස්ට් තරගාවලියේදී ඔහුගේ පන්දු යැවීම සැක සහිත බවට චෝදනා විය.

ඒ හේතුවෙන් ඔහුට පන්දු යැවීමේ ඉරියව් පරීක්ෂණයකට පෙනී සිටිය යුතු වූ අතර, එහි ප්‍රතිඵලය ලැබෙන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම ඔහු තහනම් විය.

ඒ අනුව කුනමාන් පසුගියදා ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හිදී ජාතික ක්‍රිකට් මධ්‍යස්ථානයේ පන්දු යැවීමේ ඉරියව් පරීක්ෂණයකට පෙනී සිටියේය.එම පරීක්ෂණයෙන් ඔහුගේ වැලමිට නියමිත අංශක 15ක සීමාවේ පවතින බව සහතික කර ඇත.

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට කුනමාන් සමත් වූ අතර, ඔහු එම තරගාවලියේදී කඩුලු 16ක් බිඳහෙළීමට සමත් විය. ඔහුගේ එම දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව තරග 2-0ක තරගාවලි ජයක් ලැබීමට ඔස්ට්‍රේලියාවට හැකිවිය.

ගණේමුල්ලේ සංජීව ඝාතනය : සෙව්වන්දි ගැන කිව්වොත් ලක්ෂ 10ක්

ගණේමුල්ලේ සංජීව ඝාතනය : සෙව්වන්දි ගැන කිව්වොත් ලක්ෂ 10ක්

කෙහෙල්බද්දර පද්මේගේ බිරියගේ දෙමාපියන් ඝාතනයට සැලසුමක්

කෙහෙල්බද්දර පද්මේගේ බිරියගේ දෙමාපියන් ඝාතනයට සැලසුමක්