ගණේමුල්ලේ සංජීව ඝාතනය : සෙව්වන්දි ගැන කිව්වොත් ලක්ෂ 10ක්

By Gagana News Feb 26, 2025 11:08 AM GMT
Report

අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 05 අධිකරණ ශාලාවේදී පාතාල අපරාධකරුවකු වූ සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ලේ සංජීවට වෙඩි තබා ඝාතනය කිරීම මෙරට සිට මෙහෙයවූ බවට හඳුනාගෙන සිටින පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය අත්අඩංගුවට ගැනීමට සාර්ථක තොරතුරක් දෙන අයට රුපියල් මිලියනයක මුදල් ත්‍යාගයක් දීමට වැඩබලන පොලිස්පතිවරයා තීරණය කර ඇත.

මෙම සැකකාරියට මෙතෙක් රටින් පලා යෑමට ඉඩක් නැති බවත් ඇයට පලා යෑමට ඉඩ අහුරමින් පොලීසිය කළ හැකි උපරිම ආරක්ෂක පියවර ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.

මුහුදු මාර්ග මෙන්ම ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් මඟින් ස්වරූපය වෙනස් කර වෙනත් නමකින් පවා ඇයට රටින් පැන යෑමට නොහැකි වන ලෙස ආරක්ෂාව තර කර ඇති බව ද බුද්ධික මනතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

කෙහෙල්බද්දර පද්මේගේ බිරියගේ දෙමාපියන් ඝාතනයට සැලසුමක්

කෙහෙල්බද්දර පද්මේගේ බිරියගේ දෙමාපියන් ඝාතනයට සැලසුමක්

 

පාතාල සටන් ඇරඹෙයි.. සංජීව ඝාතනයේ රිටන් එකට පද්මේගේ මිතුරෙකුට වෙඩි!

පාතාල සටන් ඇරඹෙයි.. සංජීව ඝාතනයේ රිටන් එකට පද්මේගේ මිතුරෙකුට වෙඩි!