පළමු වරට 180 ක් සමග මත්තල ගුවන් තොටුපොලට ආ අමුත්තා මෙන්න..

Sri Lanka Airport Mahinda Rajapaksa Mattala International Airport
By Aruna Dec 28, 2024 07:40 AM GMT
Aruna

Aruna

Report

යුරෝපියන් එයාර් ලයින් ගුවන් සේවයට අයත් ගුවන්යානයක් පළමු වරට බල්ගේරියානු සංචාරකයන් 180 දෙනකු රැගෙන බල්ගේරියාවේ සොෆියා ගුවන්තොටුපළේ සිට පියාසර කර ඊයේ (27 දා) උදෑසන 9.30ට පමණ මත්තල ගුවන්තොටුපළට ගොඩබානු ලැබ තිබෙනවා.

නව රජය බලයට පත්වීමෙන් පසු සංචාරක අමාත්‍යංශය සහ යුරෝපියන් එයාර් ලයින් ගුවන් සමාගම අතර පැවැති සාකච්ඡාවලින් අනතුරුව මෙම ගුවන්යානය මත්තල ගුවන්තොටුපළට පැමිණ ඇති බවයි පැවසෙන්නේ.

ශ්‍රී ලංකා නවසීලන්ත පළමු 20යි 20 තරඟය ඇරඹෙයි..අද තරඟයේ විශේෂත්වය මෙන්න.

ශ්‍රී ලංකා නවසීලන්ත පළමු 20යි 20 තරඟය ඇරඹෙයි..අද තරඟයේ විශේෂත්වය මෙන්න.


පසුගිය කාලයේදී හදිසි ගුවන්යානා ගොඩබෑමේ ස්ථානයක් පමණක් බවට මත්තල ගුවන්තොට පත්ව තිබුණා.

කෙසේ නමුත් මේ වන විට නව රජය බලයට පත්වීමෙන් පසු මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළට සතියකට ගුවන් ගමන්වාර 15කට වැඩි ප්‍රමාණයක් සංචාරකයින් රැගෙන පැමිණෙමින් තිබීම විශේෂත්වයක්.

මෙතෙක් කලක් බහුතරයක් මත්තල ගුවන්තොටුපළ භාවිතා කරමින් සංචාරකයින් රැගෙන පැමිණියේ රුසියාව සහ ඒ ආශ්‍රිත රටවලින් වීම ද විශේෂත්වයක්.

නමුත් අද වන විට යුරෝපීය ගුවන් සමාගම් ද මත්තලට සංචාරකයින් රැගෙන පැමිණෙමින් පවතී.

ඔබේ බැංකු තැන්පතු ගිණුමෙන් 10%ක් බද්දට කැපෙයි..සියලු ගිණුම් හිමියන් මේ ගැන දැනුවත් වන්න.

ඔබේ බැංකු තැන්පතු ගිණුමෙන් 10%ක් බද්දට කැපෙයි..සියලු ගිණුම් හිමියන් මේ ගැන දැනුවත් වන්න.


මත්තලින් දිවයිනට පැමිණි සංචාරකයින් පිරිස සහ ගුවන් කාර්ය මණ්ඩලය විසින් මත්තල ගුවන්තොටේදී හරසරින් පිළිගනු ලැබුවා.

සංචාරකයින් පිරිස යාල, උඩවලව, සීගිරිය, පොළොන්නරුව, අනුරාධපුර ඇතුළු ප්‍රදේශ රැසක සංචාරය කිරීමට නියමිත බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

You May Like This Video


ReeCha