ඔබේ බැංකු තැන්පතු ගිණුමෙන් 10%ක් බද්දට කැපෙයි..සියලු ගිණුම් හිමියන් මේ ගැන දැනුවත් වන්න.

Report

සියයට 10 රැඳවුම් බද්ද සියලු බැංකු තැන්පතු ගිණුම්වලින් බැංකු විසින් කපා ගන්නා බව කම්කරු ඇමැති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පිළිගනු ලැබීය.

එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැති ප්‍රනාන්දු මහතා කියා සිටියේ, එසේ කපා ගත්තත් බදු නොගෙවිය යුතු අයට එම මුදල් නැවත ලබාදෙන යාන්ත්‍රණය රජය විසින් ඉදිරියේදී ඉදිරිපත් කරන බවයි.

ලග්න 03ක් අද ඉතාමත් කල්පනාකාරීව වැඩ කරන්න... අනිත් අයට වෙන දේ මෙතනින් දැනගන්න..

ලග්න 03ක් අද ඉතාමත් කල්පනාකාරීව වැඩ කරන්න... අනිත් අයට වෙන දේ මෙතනින් දැනගන්න..


එවැනි යාන්ත්‍රණයක් හදන්නැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බවත් ඒ සහනය ලබාගන්නා ක්‍රමවේදය සකසන බවත් බදු නොගෙවිය යුතු අයට මේ සියයට 10ක රැඳවුම් බද්ද කපා ගැනීමෙන් අසාධාරණයක් වීමට ඉඩ නොතියන බවට සහතික වන බවත් ඇමැති අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කියා සිටියා.

මේ අනුව ඇමැතිවරයාගේ කරුණු පැහැදිලි කිරීමෙන් අනාවරණය වූයේ, රු. 150,000 ක මාසික පොලී ආදායමක් ලබන අයට පමණක් වැඩි කළ සියයට 10ක රැඳවා ගැනීමේ බද්ද අදාළ වුවත් එම බද්ද බැංකුවලින් කපා ගන්නා එහෙත් බද්දට යටත් නොවන අයගෙන් එම කපා ගත් මුදල දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නැවත අදාළ තැන්පත්කරුවන්ට ලබා ගැනීමට ක්‍රමවේදයක් නොමැති බවය.

මේ අනුව රු. 100ක මාසික පොලී ආදායමක් ලැබුණත් බැංකුවලින් සියයට 10ක රැඳවුම් බද්දක් කපා ගන්නා නිසා අදාළ මුදල නැවත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගොස් ලබා ගැනීමට බස් ගාස්තු වශයෙන්ම ඊට වැඩි මුදලක් දැරීමට සිදුවෙනවා නොවේදැයි මෙහිදී මාධ්‍යවේදීන් ඇමැති ප්‍රනාන්දුගෙන් ප්‍රශ්න කළේ ය.

බැංකු ණය ගත්ත අයට මෙන්න සුබ ආරංචියක්..ණය ගෙවන්නෙ නැතිව ඉන්න කාලයක් දෙයි.

බැංකු ණය ගත්ත අයට මෙන්න සුබ ආරංචියක්..ණය ගෙවන්නෙ නැතිව ඉන්න කාලයක් දෙයි.


එහිදී ඔහු සඳහන් කළේ ඉදිරියේදී ඒ සියල්ලටම උත්තර ගෙනෙන බවයි.

රජය පසුගියදා රැඳවුම් බද්ද සියයට 5 සිට 10 ක් දක්වා වැඩ කළා.

එහෙත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, රු. ලක්ෂ එකහමාරක මාසික පොලිය ලැබුණොත් පමණක් මේ බද්දට යටත් වන බවයි.

You May Like This Video