අපරාධකරුවන් ඉන්දියාවට හොරෙන් ගෙනයන මහමොළකරු ගැන සෙව්වන්දි වමාරයී

Report

මෙරට අපරාධකරුවන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන යන මහමොළකරු පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය අනාවරණය කරගෙන තිබේ. ඒ පසුගිය දා ඉෂාරා සෙව්වන්දිගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදීය.

ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි පසුගිය සෙනසුරාදා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කිලිනොච්චිය ප්‍රදේශයට හා යාපනයට රැගෙන ගොස් තිබුණි.

ඒ ඇයට සංජීව ඝාතනයෙන් පසුව සැඟවී සිටීමට නවාතැන් සැපයූ ස්ථාන පරීක්ෂා කිරීම සඳහාය. ඇය එම ප්‍රදේශවල දින 3ක් රැඳී සිට අනතුරුව මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලාගොස් තිබුණි.

පොලිස් පොඩ්ඩාට පෙනී සිටි නීතිඥ තාරකට දැඩි විරෝධය - නීතිඥ සංගම් කමිටුවෙනුත් අස්වෙයි

පොලිස් පොඩ්ඩාට පෙනී සිටි නීතිඥ තාරකට දැඩි විරෝධය - නීතිඥ සංගම් කමිටුවෙනුත් අස්වෙයි

ඒ අනුව ඇයට නවාතැන් පහසුකම් සැලසූ පුද්ගයන් සිව්දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඇයගෙන් වැඩිදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී, නීති විරෝධී අයුරින් පුද්ගලයන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන යන පුද්ගලයෙකු පිළිබඳව අනාවරණ වී තිබේ.

ඔහු සම්බන්ධයෙන් සිදුකළ සොයාබැලීමේදී හෙළිවී ඇත්තේ, මෙරට සිටි අපරාධකරුවන් රැසක් එම පුද්ගලයා විසින් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන ගොස් ඇති බවය. අපරාධකරුවන් ඉන්දියාවට රැගෙන යන ජාලයේ මහමොළකරු එම පුද්ගලයා බවට සැකකරන බව පොලීසිය පැවසීය.

ආයේ කැම්පස් එක ඇතුලේ අවුරුදු ගණන් ඉන්න ඕනි නෑ - ඉක්මනටම උපාධිය අතට

ආයේ කැම්පස් එක ඇතුලේ අවුරුදු ගණන් ඉන්න ඕනි නෑ - ඉක්මනටම උපාධිය අතට

සෙව්වන්දි සමග නේපාලයේදී අත්අඩංගුවට පත් වූ ජේ.කේ. බායි නැමැත්තා කෙහෙල්බද්දර පද්මේගේ උපදෙස් මත අදාළ පුද්ගලයා සම්බන්ධ කර ඇති බවට මේවන විට හෙළිවී තිබේ.

ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ උපදෙස් මත එහි ස්ථානාධිපති එස්.බී. විජේතුංග මහතාගේ මෙහෙය වීමෙන් සිදුවේ.

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න