පොලිස් පොඩ්ඩාට පෙනී සිටි නීතිඥ තාරකට දැඩි විරෝධය - නීතිඥ සංගම් කමිටුවෙනුත් අස්වෙයි

Report

ගල්කිස්ස අධිකරණ භූමියේ සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීමේ දී, පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් අපේක්ෂා කළ ඇප ලබා ගැනීම සඳහා නඩුවට පෙනී සිටි මාතර නීතිඥ සංගමයේ නීතිඥ තාරක නානායක්කාර මහතා, එම සංගමයේ විධායක කමිටුවේ සංස්කාරක ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බවට වාර්තා වේ.

මෙම සිදුවීමෙන් චෝදනා එල්ල වූ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතාට විරුද්ධව පොලිස් කොස්තාපල්වරයාගේ පාර්ශ්වයට පෙනී සිටීම හේතුවෙන්, නීතිඥ තාරක නානායක්කාර මහතාට නීතිඥවරුන් පිරිසකින් දැඩි විරෝධයක් පසුගිය දිනවල එල්ල වූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ආයේ බොන්න බෑ - තැබෑරුම් වහනවා

ආයේ බොන්න බෑ - තැබෑරුම් වහනවා

ඒ අනුව, ඔහුට මාතර නීතිඥ සංගමයේ සාමාජිකත්වයෙන් සහ විධායක කමිටුවෙන් ඉල්ලා අස්වීමට බලපෑම් එල්ල වී තිබෙන බවට සඳහන්. ඒ අනුව මෙම අවස්ථාවේදී, මාතර නීතිඥ සංගමයේ විශේෂ විධායක කමිටු රැස්වීමක් කැදවා, ඔහු විසින් විධායක කමිටු ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී තිබේ.

කෙසේ වෙතත්, ඔහු මාතර නීතිඥ සංගමයේ සාමාජිකත්වයෙන් තවම ඉල්ලා අස් වී නොමැති බව දැන ගත හැකි වී ඇත.

පිළිකාවට තිත පිළිකාව කල්තියා හඳුනා ගැනීමට හැකි නව රුධිර පරීක්‍ෂණයක් හඳුන්වා දෙයි - වැඩි විස්තර මෙන්න

පිළිකාවට තිත පිළිකාව කල්තියා හඳුනා ගැනීමට හැකි නව රුධිර පරීක්‍ෂණයක් හඳුන්වා දෙයි - වැඩි විස්තර මෙන්න

විමසීමක් කල විට, ඔහු පැවසුවේ ගල්කිස්ස උසාවියේ නඩුවට පෙනී සිටියේ කොළඹ නීතිඥ සංගමයේ ලේකම්වරයා ද දැනුවත් කර, අදාළ කොස්තාපල්වරයා ද දන්නා හිතවත් පවුලක අයෙකු වූ නිසා බවත්, විධායක කමිටුවෙන් ඉවත් වුයේ පෞද්ගලික හේතුවක් නිසා බවත් ය.

මේ ලග්නවල අයට අද කෝටිපතියෝ වීමේ වරම් - ඕනෙම දේකට අත ගැහුවත් ඇති

මේ ලග්නවල අයට අද කෝටිපතියෝ වීමේ වරම් - ඕනෙම දේකට අත ගැහුවත් ඇති

රන් මිල ඉහළ ගිය නිසා ලංකාවේ රන් මිලට වුණ දේ මෙන්න

රන් මිල ඉහළ ගිය නිසා ලංකාවේ රන් මිලට වුණ දේ මෙන්න