දියණියගේ ඇසින් ලේ වැගිරෙද්දී පිළිමයේ ඇසිනුත් ලේ වැගිරෙයි. (VIDEO)

Jaffna Sri Lanka
By Wayomi Sep 08, 2023 09:48 AM GMT
Wayomi

Wayomi

Report

යාපනයේ පදිංචි ශ්‍රිකරන් නමැති පුද්ගලයාගේ නිවසේ තැන්පත් කර තිබු මරිය මාතා පිළිරුවක දෑසින් රුධිරය වැගිරීමක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ පිළිරුව පසුගිය මස 26 වනදා ඔහුගේ දියණිය විසින් නිවසට රැගෙන ආ එකක් වන අතර එම පිළිරුවෙන් කඩින් කඩ රුධිරය වැගිර තිබෙනවා. 

එමනේම ඔහුගේ 10 හැවිරිදි දියණියට, එම පිළිරුව නිවසට ගෙන ඒමට පෙරම දෑසින් රුධිරය ඒමේ රෝගී තත්වයක් එහෙමත් නැතිනම් ආබාධයකින් පෙළෙමින් සිට ඇත.

නමුත් සිදු කළ වෛද්‍ය පරීක්ෂණ වලින් අදාළ දියණියගේ දෑසේ කිසිඳු සෞඛ්‍ය ගැටළුවක් නොමැති බවයි පවසා ඇත්තේ.

ඒ, කෙසේ වෙතත් තවමත් දැරියගේ දෑසින් රුධිරය ගලමින් පවතින අතර ඒ සමඟම එම මරිය මාතාවගේ පිළිමයේ දෑසින් ද රුධිරය ගලමින් පැවතීම කාගේත් පුදුමයට මෙන්ම කුතුහලයටත් තුඩුදුන් කරුණක් වී ඇත.


ReeCha