ඇහැළියගොඩදී වාහන කිහිපයක් එක පෙළට හැප්පී 10කට ආසන්න පිරිසක් තුවාලයි

Report

ඇහැළියගොඩ නගරයේ අද (15) රාත්‍රී 7ට පමණ සිදුවූ මාර්ග අනතුරකින් වාහන රැසක් එක පෙළට හැප්පී තිබේ.

රියදුරු පාලනයෙන් ගිලිහුණු මෝටර් රථයක් තවත් වාහන පෙළකට ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, එහිදී යතුරුපැදියක්, ත්‍රිරෝද රථ 3ක් සහ මෝටර් රථ 2ක් එකිනෙක ගැටී ඇත.

මෙම අනතුරෙන් පුද්ගලයින් 10 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

හිටපු ජනපති මහින්ද අවුරුදු සමරපු හැටි මෙන්න

හිටපු ජනපති මහින්ද අවුරුදු සමරපු හැටි මෙන්න

රෝහලේ උණුසුම් තත්වයක් - ප්‍රතිකාර කළ වෛද්‍යවරියටම රෝගියා ලිංගික අතවර කරලා

රෝහලේ උණුසුම් තත්වයක් - ප්‍රතිකාර කළ වෛද්‍යවරියටම රෝගියා ලිංගික අතවර කරලා