රෝහලේ උණුසුම් තත්වයක් - ප්‍රතිකාර කළ වෛද්‍යවරියටම රෝගියා ලිංගික අතවර කරලා

Report

කළුතර නාගොඩ රෝහලේ සේවය කරන කාන්තා වෛද්‍යවරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත රෝගියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු මතුගම පිම්පුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට මාරු කර තිබුණි. එහිදී, වෛද්‍යවරිය ඔහුගේ රුධිර පීඩනය පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේ, සැකකරු අසභ්‍ය ලෙස ඇයට ස්පර්ශ කර ඇති බව වාර්තා වෙයි.

වෛද්‍යවරිය විසින් පොලිසියට පැමිණිල්ලක් කරන බවට අනතුරු ඇඟවුවද, නැවත පරීක්ෂා කිරීමේදීද සැකකරු දෙවන වරටත් එම අතවරය සිදු කර ඇති බව සඳහන්.

අතීතයෙන් පාඩම් ගනිමින් අලුත් ගමනක් යන්න අපි සූදානම් - නාමල් කියයි

අතීතයෙන් පාඩම් ගනිමින් අලුත් ගමනක් යන්න අපි සූදානම් - නාමල් කියයි

මෙම සිද්ධිය පිළිබඳ ලැබුණු පැමිණිල්ලක් අනුව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සමකිපුර මහගම, තැන්නහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා.

සැකකරුට තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බැවින්, ඔහු මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඔහු අද (15) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක වන්නිආරච්චි මහතා ඇතුළු නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතී.

දැන් සහන පැකේජය කාටද දුන්නේ? කොහෙද දුන්නේ? මම නම් තාම දැක්කේ නෑ - සීලරතන හිමි රජයේ රැදී ගලවයි

දැන් සහන පැකේජය කාටද දුන්නේ? කොහෙද දුන්නේ? මම නම් තාම දැක්කේ නෑ - සීලරතන හිමි රජයේ රැදී ගලවයි