කන්න දෙන්න ගිය වෙලාවේ හීලෑ අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
මැණික්හින්න, කරලියැද්ද ප්‍රදේශයේදී හීලෑ අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට මැණික්හින්න පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙන බව සඳහන්.
ඒ අනුව මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 61ක් වූ මැණික්හින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.
එමෙන්ම මියගිය පුද්ගලයා ඊයේ (30) රාත්‍රියේ අලියාට ආහාර ලබා දීමට ගිය අවස්ථාවේ මෙසේ පහරදී ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී හෙළි වී තිබෙනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මැණික්හින්න පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්.