තවත් ඛේදවාචකයක් - පාකිස්ථාන‍යේ උපකාරක පන්ති මධ්‍යස්ථානයක වහලය කඩා වැටීමෙන් දරුවන් 14ක් මරුට

By Kaushi Jul 01, 2026 12:35 AM GMT
Report

පාකිස්තානයේ නැගෙනහිර ලාහෝර් නගරයේ උපකාරක පන්ති මධ්‍යස්ථානයක වහලය කඩා වැටීමෙන් ඊයේ(30) දින ළමුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව එරට ගලවා ගැනීමේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත.

ඒ බලධාරීන් නොසැලකිලිමත්කමක් හේතුවෙන් සිදු වූ විමර්ශනයකට මග පෑදීමත් සමඟයි.

මේ අතර පන්ජාබ්හි හදිසි සේවා අංශය සඳහන් කර ඇත්තේ පෞද්ගලික පාසලෙන් සුන්බුන් යට දරුවන් සහ 30 හැවිරිදි කාන්තා ගුරුවරියක් සොයා ගත් බවයි.

ජූලි පටන් ගද්දිම වෙන්න යන දේ - 2න් පසු තත්ත්වය දරුණුයි

ජූලි පටන් ගද්දිම වෙන්න යන දේ - 2න් පසු තත්ත්වය දරුණුයි

එසේම මියගිය දරුවන් වයස අවුරුදු පහේ සිට 16 දක්වා වූ අතර, වැඩි දෙනෙක් නවයට අඩු අයයි.

එමෙන්ම පන්ජාබ් ප්‍රාන්ත තොරතුරු අමාත්‍ය අස්මා බොහාරි කියා ඇත්තේ මූලික වාර්තාවලින් පෙනී ගියේ උපකාරක පන්ති මධ්‍යස්ථානය ලියාපදිංචි නොකළ බවත් එය අබලන් වූ වහලක් යට පෞද්ගලික නේවාසික ගොඩනැගිල්ලක ක්‍රියාත්මක වූ බවත්ය.

එවැනි මධ්‍යස්ථාන පාකිස්තානය පුරා බහුලව දක්නට ලැබෙන අතර, එහිදී ළමයින් සාමාන්‍ය පාසල් වේලාවෙන් පිටත අමතර පාඩම්වලට සහභාගී වන බවත් සඳහන්.

ජූලි මාසේ පටන් ගද්දිම කිරියෙන් පැණියෙන් උතුරන තරම් වාසනාවක් - හැමෝම හොයපු සියලුම ලග්නවල පලාපල විස්තර මෙන්න

ජූලි මාසේ පටන් ගද්දිම කිරියෙන් පැණියෙන් උතුරන තරම් වාසනාවක් - හැමෝම හොයපු සියලුම ලග්නවල පලාපල විස්තර මෙන්න

කෙසේ වෙතත් බොහාරි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ,

"නොසැලකිලිමත්කම හෝ නීතිය උල්ලංඝනය කිරීමක් තහවුරු වුවහොත්, වගකිවයුත්තන්ට දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇත,"   

සියලුම පාසල්වලට විශේෂ දැනුම්දීමක් - 6 වසරේ සිට නව වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි ප්‍රතිපාදනත් වෙන් කරයි

සියලුම පාසල්වලට විශේෂ දැනුම්දීමක් - 6 වසරේ සිට නව වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි ප්‍රතිපාදනත් වෙන් කරයි