සියලුම පාසල්වලට විශේෂ දැනුම්දීමක් - 6 වසරේ සිට නව වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි ප්රතිපාදනත් වෙන් කරයි
ලබන වසරේ සිට 6 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පූර්ණ සූදානමක සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය නිල වශයෙන් පවසයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ වත්මන් ප්‍රගතිය විමසා බැලීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනවල ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (26) වනදා පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී නිලධාරීන් විසින් පැහැදිලිවම සඳහන් කර ඇත්තේ ලබන වසරේ සිට 6 ශ්‍රේණියට අදාළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විටත් පූර්ණ සූදානමක පසුවන බවයි.
මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රධාන කුළුණු 5 ක් යටතේ ක්‍රියාත්මක වන අතර මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී ලබාදුන් විශේෂ උපදෙස් පරිදි එම කටයුතු අධීක්ෂණය සහ පවත්වා ගෙන යාම සඳහා වෙනමම කමිටු 5 ක් පත් කර තිබේ.
එම කමිටුවල දෛනික කටයුතු සොයා බැලීම සහ ප්‍රගතිය විමසා බැලීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරියගේ සෘජු ප්‍රධානත්වයෙන් තවත් ඉහළ කමිටුවක් පත් කර ඇති බව ද මෙහිදී අනාවරණය වී ඇත.
පවතින 2026 වසරේදී පළමු වසර සඳහා ආරම්භ කරන ලද මූලික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වන විට ඉතාමත් විධිමත්ව ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් මෙහිදී පෙන්වා දෙන ලදී.
මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳව පත් කරන ලද විද්වත් කමිටුවේ වටිනා යෝජනා ද සැලකිල්ලට ගනිමින් 6 ශ්‍රේණියට අදාළ මොඩියුල සියලු සංස්කරණ සහිතව මුද්‍රණය කිරීමට කටයුතු සූදානම් කර ඇති අතර පළමු වාරයට අදාළ සියලුම මොඩියුල මේ වන විට මුද්‍රණය කර අවසන්ව ඇති බවත් දෙවන වාරය සඳහා අදාළ මොඩියුල ද සමඟ ඒවා එකවරම සිසුන්ට ලබා දීමට සැලසුම් කර ඇති බවත් සාකච්ඡාවේදී සඳහන් කෙරිණි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විධිමත්ව පවත්වාගෙන යාමට අදාළව අවශ්‍ය මඟ පෙන්වීම් සිදු කිරීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනය සහ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව අඛණ්ඩව මැදිහත් වන බව ද මෙහිදී පෙන්වා දී තිබේ.
එසේම මෙම මොඩියුල සංවර්ධනය කිරීමේ ප්‍රධාන වගකීම අධ්‍යාපන ග්රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන බව ද සාකච්ඡා වී ඇත.
මේ අතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අදාළ සියලුම පාසල්වලට එනම් දිවයිනේ පවතින ද්විතීයික පාසල් 6500 කට අවශ්‍ය සියලුම උපකරණ මේ වන විට සම්පූර්ණයෙන්ම ලබා දී අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් මෙහිදී පෙන්වා දී තිබේ.
විශේෂයෙන්ම කඩිනමින් සංවර්ධනය කළ යුතු පාසල් 373 ක් හඳුනාගෙන ඇති අතර ඒවා සංවර්ධනය කිරීමේ විශේෂ කටයුතු ද මේ වන විට ඉතාමත් සාර්ථකව සිදුවන බවට අදාළ සාකච්ඡාවේදී කරුණු ඉදිරිපත් විය.