පාසල් නිළ ඇදුමට උඩින් වෙනත් ඇදුමක් අන්දවා දැරියක පැහැරගෙන යමින් සිටි අයෙක් අල්ලයි..

Sri Lanka Police Sri Lanka Kidnapping School Children
By Piyumika Feb 06, 2025 11:01 AM GMT
Piyumika

Piyumika

Report

දියතලාව නගරයේ දී 14 හැවිරිදි බාලවයස්කාර පාසල් දැරියක පැහැරගෙන බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රියේ යමින් සිටියදී පට්ටිපොළ දුම්රිය ස්ථානයේදී පාසල් දැරිය සමඟ සැකකාර තරුණ අරක්කැමියකු ඊයේ (05) අත්අඩංගුවට ගත් බව දියතලාව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, ජාඇල, බෝපිටිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක අරක්කැමියකු ලෙස සේවය කරන 18 හැවිරිදි තරුණයකු බව පොලිසිය කීය.

විද්‍යා ඝාතන නඩුවේ චූදිතයින්ට එල්ල වූ මරණ දඬුවම් නියෝගයෙන් ඔවුන් නිදහස් වේවිද?...

විද්‍යා ඝාතන නඩුවේ චූදිතයින්ට එල්ල වූ මරණ දඬුවම් නියෝගයෙන් ඔවුන් නිදහස් වේවිද?...

පැහැරගත් දැරිය දියතලාව විහාරගලපතන ප්‍රදේශයේ පදිංචි දියතලාව ප්‍රදේශයේ පාසලක 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 14 හැවිරිදි පාසල් සිසුවියක බවත් ඇය වෛද්‍ය පරීක්ෂණයක් සදහා දියතලාව රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය පැවසීය.

මෙම සැකකරු බාලවයස්කාර පාසල් දැරිය සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් ඇති බවත් ඒ අනුව සැකකරු කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රියෙන් පෙරේදා (04) උදෑසන සිසුවිය මුණගැසීමට දියතලාව නගරයට පැමිණ ඇති බවත් පොලිසිය සදහන් කළේය.

සිසුවිය සුපුරුදු පරිදි පාසල් යාමට උදෑසන නිවසින් පිටත්ව දියතලාව නගරයට පැමිණ පාසල් නොගොස් තරුණයා මුණගැසී ඇති බව පොලිසිය පවසයි.

පසුව පාසල් නිළ ඇදුම් පිටින් සිටි සිසුවියට උඩින් වෙනත් ඇදුමක් අන්දවා සිසුවිය කැටුව බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියට නැග සැකකරු සිසුවිය කොළඹ රැගෙන යමින් සිට ඇති බවත් පොලිසිය පැවසීය.

ඔබත් මෙන්න මෙයාගෙන් බෙහෙත් ගත්ත අයෙක්ද...

ඔබත් මෙන්න මෙයාගෙන් බෙහෙත් ගත්ත අයෙක්ද...

මේ අතරතුරේ සිය දියණිය තරුණයකු සමග දියතලාව දුම්රිය ස්ථානයේදී බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියට නැග ගිය බවට සිසුවියගේ මවට හිතවත් අයකුගෙන් ලැබුණු දුරකථන ඇමතුමක් අනුව මව මේ සම්බන්ධයෙන් දියතලාව පොලිසියට ගොස් පැමිණිලි කර ඇත.

පසුව වහා ක්‍රියාත්මක වූ දියතලාව පොලිසිය මේ සම්බන්ධයෙන් පොලිස් පණිවුඩ යවමින් පොලිස් ස්ථාන දැනුවත් කර ඇති අතර, මෙහිදී පට්ටිපොළ දුම්රිය ස්ථානයට උඩරට මැණිකේ දුම්රිය ළඟාවීමෙන් අනතුරුව පට්ටිපොළ පොලිස් නිලධාරීන් දුම්රිය පරික්ෂාවට ලක්කර මෙම පැහැරගෙන යමින් සිටි බාලවයස්කාර පාසල් සිසුවිය සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන දියතලාව පොලිසිය ට බාර දුන් බවද පොලිසිය වැඩිදුරටත් සදහන් කළේය.

බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කලුපහන පොලිස් අධිකාරි ඩී බී එච් කළණසිරි සහකාර පොලිස් අධිකාරි රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත දියතලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඒ.කේ.බංඩාර මහතා ඇතුලු නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වති.

You may like this video

ReeCha