මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සම්පූර්ණ විස්තරය මෙන්න.

National Peoples Party Anura Kumara Dissanayaka
By Wayomi Aug 26, 2024 10:03 AM GMT
Wayomi

Wayomi

Report

ජාතික ජන බලවේගය අද (26) සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26) එළිදකවනු ලැබුවා.

එය නම් කර ඇත්තේ "පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" ලෙසයි.

එමගින් ඔවුන් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගා ගැනීම තීරණාත්මක හා ප්‍රමුඛතම කාර්යක් ලෙස සලකනු ලබන අතර එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ විද්‍යාව හා තාක්ෂණය සඳහා ස්ථානයක් ලබා දී ඇති අතර ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි අවධානය යොමු කර ඇත.

බද්ද ඉවත් කර ඉන්ධන මිල අඩු කරයි.? - ඇමති කංචනගෙන් විශේෂ ප්‍රකාශයක්.

බද්ද ඉවත් කර ඉන්ධන මිල අඩු කරයි.? - ඇමති කංචනගෙන් විශේෂ ප්‍රකාශයක්.


රට තුළින් සොයාගත හැකි ස්වාභාවික සම්පත්, වෘත්තිය හා පුහුණු ශ්‍රම සම්පත්, ඛණිජ සම්පත්, තොරතුරු හා මෘදුකාංග තාක්ෂණය, සංචාරක කර්මාන්තය, කෘෂිකර්ම, සාගර සම්පත් මෙන්ම නිර්මාණශීලි කර්මාන්ත වැනි කලාප මීට ඇතුළත් වේ.

එමෙන්ම නිෂ්පාදන ආර්ථිකයක් සැලසුම් කිරීමේ සිට ප්‍රතිලාභ බෙදීයාම දක්වා වූ ක්‍රියාවලියේදී සියලු ජාතිකයන්ට එහි කොටස්කරුවන් කර ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබෙනවා.

ඉන්ධන මිලෙහි යළි විශාල වෙනසක්. - තෙල් පරිභෝජනයෙත් වෙනස්කම්. - ලබන සතියේ එන අලුත්ම තීරණය මෙන්න.

ඉන්ධන මිලෙහි යළි විශාල වෙනසක්. - තෙල් පරිභෝජනයෙත් වෙනස්කම්. - ලබන සතියේ එන අලුත්ම තීරණය මෙන්න.


මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රධාන කොටස් 4ක් යටතේ නිර්මාණය කර ඇත. එහි පිටු 230ක් අඩංගුය.(ඉන් කිහිපයක් මෙන්න.)

1. පරිසමාප්ත ජීවිතයක් - සුවපහසු රටක්


ශිෂ්ටසම්පන්න පුරවැසියෙක් දියුණු මානව සම්පතක්

ජාතික ජනබලවේගය සිය අධ්‍යාපන ප්‍රතිපත්තිය අරමුණ කරගෙන ඇත්තේ දියුණු මානවවාදී හා වගකීම් සහිත පුරවැසි සමාජයක් ගොඩනැගීම සඳහාය.

ඒ සඳහා ගුණාත්මක අධ්‍යාපයක් ලබා ඔවුන්ගේ අරමුණු වී තිබේ. එම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයට රාජ්‍ය ආයෝජන ඉහළ දැමීමටත් දැනට වෙන් කරනු ලබන ප්‍රමාණය ක්‍රමයෙන් 6% දක්වා වැඩි කිරීමටත් ඔවුන්ගේ අපේක්ෂාව බවද පෙන්වා දී තිබේ.

මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන් මූලධර්ම 6ක් ද සිය ප්‍රතිපත්ති ප්‍රකාශය තුලින් එළි දක්වා තිබේ. මෙම මූලධර්ම ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන් පූර්ව ළමා විය සංවර්ධනයේ සිට වැඩිහිටි අධ්‍යාපන ඇගයීම් දක්වා වූ ක්‍රියාවලිය තුළ කරුණු 75 සඳහන් කර ඇත.

එහිදී අවුරුදු 03 සිට 05 දක්වා වන සියලු දරුවන් සඳහා විධිමත් මුල් ළමාවිය සංවර්ධන අධ්‍යාපනයක් ලබා දීමත් සෑම දරුවෙකුටම සිය නිවසේ සිට හෝ දෙමාපියන්ගේ සේවා ස්ථානයේ සිට කි.මී 02ක් ඇතුළත මුල් ළමාවිය සංවර්ධන අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලබා දීමටත් පියවර ගෙන ඇත.

තවද දරුවන්ගේ කායික හා මානසික තත්ත්වයන්ට ගෝචර වන පරිදී හා සමාජ ජීවිතයට පිවිසීමට අවශ්‍ය වන යහපත් පුරුදු, ආකල්ප හා ආචාරධර්ම වර්ධනය කරන ක්‍රියාකාරම් ඇතුළත් වන වැඩසටහන් මෙන්ම මව් භාෂාවට අමතරව කථන සන්නිවේදන භාෂා ලෙස ඉංග්‍රීසි ඇතුළු අනෙකුත් ජාතික භාෂා වැඩසටහන් ද ඇතුළත්ය.

නිරෝගී ජීවිතයක් සෞඛ්‍ය සම්පන්න ජනතාවක්

නිරෝගී හා සෞඛ්‍ය සම්පන්න පුරවැසියෙක් බිහිකිරීම සඳහා රෝග නිවාරණය මෙන්ම රෝග වැළැක්වීම අරමුණ කරගත් කාර්යක්ෂම සෞඛ්‍ය සේවයක් ඇති කිරීමට ජාතික ජනබලවේගය අපේක්ෂා කරයි. ඒ යටතේ ප්‍රධාන මූලධර්ම 5ක් යටතේ ක්‍රියාමාර්ග 19ක් එළිදක්වා ඇති අතර එහි අනු කරුණු 55ක් ද ඇතුළත්ය. එහි සෞඛ්‍ය සඳහා වන රජයේ වියදම් කෙටි කාලයක් ඇතුළත අවම වශයෙන් දළ දේශීය නිෂ්පාදනයෙන් 3%ක් ඉලක්ක කරගනිමින් ක්‍රමිකව වැඩි කිරීමටද අපේක්ෂා කර තිබේ.

සුවපහසු නිවසක් සනීපාරක්ෂක ජීවිතයක් නාගරීකරණයත් සමග ලංකාවේ සෑම ප්‍රධාන නගරයකම පාහේ නිවාස ප්‍රශ්ණය උග්‍රව පවතින බැවින් සීමිත ඉඩම් ප්‍රමාණය මනාව කළමනාකරණය කරමින් හා ජනතා අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් හැකි සෑමවිටම මහල් නිවාස සංකීරණ ඉදිකිරීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබේ.

මේ සඳහා වූ මූලධර්ම 3ක් යටතේ ක්‍රියාමාර්ග තුනක් ඇතුළත් අතර ඊට අනු කරුණු 12ක් ඇතුළත්ය.

රනිල්ගේ ආණ්ඩුවේ මීලග අගමැති ගැන එළියට ආ රහස මෙන්න. - වේදිකාවකදී මුළු රටටම හෙළි කරයි.

රනිල්ගේ ආණ්ඩුවේ මීලග අගමැති ගැන එළියට ආ රහස මෙන්න. - වේදිකාවකදී මුළු රටටම හෙළි කරයි.


ජවසම්පන්න පුරවැසියෙක් ජයග්‍රාහී ජනතාවක්

තරග සහභාගීත්වය සහ ජයග්‍රහණය සඳහා පමණක් නොව නිරෝගීමත්, විනයගරුක සහ බුද්ධිමත් ජන සමාජයක් නිර්මාණය කර ගැනීමේ ක්‍රියාවලියේදී ද ක්‍රීඩාවේ කාර්යභාරය අතිශය වැදගත් වන බව ඔවුන් පෙන්වා දෙයි.

එහිදී ජාතියට කීර්තිමත් හා අභිමානයක් ගෙන ඒමට සමත් මෙන්ම නිරෝගී හා විනයගරුක පුරවැසි ප්‍රජාවක් නිර්මාණය කිරීමට සමත් ක්‍රීඩා හා ශාරීරික සුවතාව ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට ඔවුන් අපේක්ෂා කරයි. එහිදී මූලධර්ම 6ක් යටතේ ක්‍රියාමාර්ග 30ක් ඇතුළත්ය.

තවද දේශපාලනීකරණය වූ සියලු ක්‍රීඩා ආයතන සහ ක්‍රීඩාවන් එයින් මුදා ක්‍රීඩාවේ අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වන ස්වාධීන සහ දියුණු ආයතන බවට පත් කිරීමත් ඔවුන් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් අපේක්ෂා කර තිබේ.

උදාර සංස්කෘත ජීවිතයක් සහකම්පනීය ජනතාවක්

කලා සංස්කෘතික අවකාශය යනු සමාජයක අතිසංවේදී කලාපයක් බැවින් එම අඩවිය මානව සමාජය වෙත කරන බලපෑම සන්නිවේදනය වන්නේ කල්ගත වී වුවද වර්තමාන ලාංකේය සමාජ පරිහානියේ විශාල පදාසයක් මතුවන්නේද මෙම කලාපයේ දුබල බව නිසාවෙන් බව එහි සඳහන්.

මෙම ක්ෂේත්‍රය අධයාපනය කලාව, ජනමාධ්‍ය හා ආගමික විශ්වාසය ආදී එකිනෙකට බැඳුණු අඩවි රැසක මිශ්‍රණයක් බැවින් ජාතික පුනරුදයක් ඉලක්ක කරගත් කලා සංස්කෘතික ක්ෂේත්‍රය කෙරෙන ප්‍රබල පරිවර්ථනයක් මගින් මානව ගරුත්වයෙන් යුතු නව සංස්තෘකික මිනිසෙකු නිර්මාණය කර ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබේ.

මේ සඳහා ඔවුන් මූලධර්ම 7ක් එළි දක්වා ඇති අතර එහි ප්‍රධාන ක්‍රියාමාර්ග 8ක් ඇතුළත්ය.

සංරක්ෂිත ඉතිහාසයක් උරුම නව්‍ය ජනනයක්

ඉතිහාසය, සංස්කෘතිය සහ උරුමය යන දෑ සමාජ දැනුම, සමාජයේ යහපැවැත්ම සහ ප්‍රජා ඒකාබද්ධතාවේ මූලිකාංග වන බැනි සියල්ල ඇතුළත් වූ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට ඉවහල් වන ආර්ථික කටයුතුවල සහ රැකීරක්ෂා උත්පාදනට එය මූලික සම්පත් ලෙස උපයෝගි කර ගැනීම ඔවුන් මෙයින් අපේක්ෂා කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවට තිරසර වූත්, සියල්ල ඇතුළත් වූත් සංවර්ධනයක් සඳහා පොහොසත් උරුමය සාධනීය ලෙස උපයෝගී කර ගැනීම මෙම වැඩපිළිවෙලේදී ඔවුන් අරමුණු කර තිබේ.

ඒ සඳහා සංස්කෘතික සම්පත් හී ආරක්ෂාව, සංස්කෘතික උරුමය සහ ඉතිහාසයේ වටිනාකම් සහ නවෝද්පාදනය ඔවුන් ප්‍රධාන මූලධර්ම තුනක් එළි දක්වා තිබේ.

මේ යටතේ ක්‍රියාමාර්ග තුනක්ද එළි දක්වා ඇති අතර එය පිළිවෙලින් පර්යේෂණ සහ විශ්ලේෂණ, පාර්ශවකරුවන්ගේ සහභාගීත්වය සහ අධයාපනය සහ දැනුවත් කිරීම ලෙස ඔවුන් හඳුන්වා දී තිබේ.

තිරසර ජෛව ලෝකයක් සදාහරිත ජීවිතයක් සියලු ජීවීන්ගේ පැවැත්ම තහවුරු කෙරෙන තිරසර පරිසරයක් දැක්ම කරගත් පරිසර ප්‍රතිපත්තිය සමාජ ආර්ථිකය සංවර්ධනය සහ පරිසරය අතර සමතුලිතතාව රැකෙන පරිදි ස්වාභාවික සම්පත් භාවිතය, තිරසර කළමනාකරණයේදී සහභාගීත්ව ප්‍රවේශය, දේශගුණික විපර්යාසවලින් ඇතිවන පීඩාවන් අවම කිරීම, දැනුම කුසලතා ආකල්ප හා මනෝභාවයන් මගින් ගොඩනැගෙන නිරෝගී ජන සමාජයක් සහ තුලිත පරිසරයක් උදෙසා ප්‍රමුඛතාව ලබා දීම ඔවුන් මෙමගින් අපේක්ෂා කර ඇත.

එහිදී මූලධර්ම 10ක් යටතේ ක්‍රියාමාර්ග 10ක් අනුගමනය කිරීමට ඔවුන් අපේක්ෂා කරන අතර ශ්‍රී ලංකාාව් සියලුම ජල මූලාශ්‍ර අධ්‍යනය කර, සංවේදී මැණුම් කටයුතු සිදු කිරීම සහ ගැසට් කර සංරක්ෂණය කිරීම ප්‍රධාන තැනක් ගනී.

නිදහස් ජනමාධ්‍ය කර්මාන්තයක් සමබර තොරතුරු සමාජයක් ජනමාධ්‍ය අවභාවිතය වළක්වමින් සුභාවිත ජනමාධ්‍යක් මගින් සමාජ, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික පුනරුදයේ ගාමික බලවේගයක් ලෙස ජනමාධයන්ද, එහි නිරත මාධ්‍යකරුවාද, එහි බලපෑමට ලක්වන ග්‍රාහක සමාජයද මෙයෙහවමින් වඩාත් ප්‍රශස්ත ජනමාධ්‍ය භාවිතයකට අවශ්‍ය තාක්ෂණික පහසුකම්. පුහුණුව මෙන්ම වෘත්තිය අබිමානය සුරක්සිත කරලීමට ඔවුන් අපේක්ෂා කරනු ලබයි.

එහිදි සිව් වැදෑරුම් මූලධර්මයන් යටතේ ක්‍රියාමාර්ග 15ක් අනුගමනය කිරීමට ඔවුන් අපේක්ෂා කර ඇත. එහිදී සියලු ක්ෂේත්‍රයන් හී මාධ්‍යකරුවන් ඇගයීමට හා ජන සම්භාවනයට පාත්‍ර කිරීම සඳහා විධිමත් සම්මාන උළෙලක්, මාධ්‍යෙව්දීන්ට අවශ්‍ය මාධ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා අඩු පොලී ණය පහසුකම් සැපයීමටද ඔවුන් අපෙක්ෂා කර ඇත.  

ජනාධිපති අපේක්ෂකගේ රාත්‍රී භෝජන සංග්‍රහයට මැතිවරණ කොමිසම පනී - සියළු කෑම බීම සීල් - අරක්කු පොලිසියට.

ජනාධිපති අපේක්ෂකගේ රාත්‍රී භෝජන සංග්‍රහයට මැතිවරණ කොමිසම පනී - සියළු කෑම බීම සීල් - අරක්කු පොලිසියට.


3. නවීන ජීවිතයක් - පොහොසත් රටක්

තුන්වන අදියර යටතේ ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සම්බන්ධ වෙමින් කටයුතු කරන ආකාරය පිළිබඳව පැහැදිළි කර තිබේ. ඒ අනුව මෙරට සාර්ව ආර්ථික ස්ථායීකරණය උදෙසා ජාතික ජන බලවේගය විසින් ක්‍රියාවට නැංවීමට යෝජිත රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ඇතුළු යෝජනා ගණනාවක් එහි සඳහන් අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් එහි මෙසේ දක්වා ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වැඩසටහන

🟡දුප්පත් හා අසරණභාවයට පත් කොට ඇති ජනතාව එම තත්වයෙන් මුදා ගැනීම සඳහා වඩාත් ශක්තිමත් හා නිවැරදි වැඩපිළිවෙළක අඩංගුව හා එය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග නැවත සාකච්ඡා කිරීම

🟡ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉදිරිපත් කර ඇති අදායම් පාදක වියදම් කළමනාකරණ (Revenue based fiscal consolidation) යෝජනා නැවත සමාලෝචනය කිරීම සඳහා කාර්යක්ෂම බදු පරිපාලනය හා ආණ්ඩුවේ වියදම් කළමනාකරණය පිළිබඳ නව යෝජනා ඉදිරිපත් කිරීම

🟡ණය තිරසර බව පවත්වා ගැනීම හා දරාගත හැකි මට්ටමක ණය පොලී තබා ගැනීම ඉලක්ක කරගනිමින්, අවශ්‍යතාවය අනුව ණය සමාලෝචන කටයුතුවලදී භාවිත කිරීම සඳහා විකල්ප ණය තිරසරකරණ විශ්ලේෂණයක් පිළියෙළ කිරීම DSA) රාජ්‍ය මුල්‍ය විනිවිදභාවය සහ ආණ්ඩුවේ වගවීම සහතික කිරීමට හා ණය අවභාවිතය සිදු කළ පුද්ගලයින්ට එරෙහි නීතිමය පියවර ගැනීම සඳහා ආණ්ඩු විසින් ලබා ගත් විදේශ ණය පිළිබඳ සවිස්තරාත්මක ණය විගණනයක් (Debt Audit) කඩිනමින් සිදුකිරීම

🟡රටේ සහ බැංකු පද්ධතියේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දමා ගැනීම සඳහා රාජ්‍ය මුල්‍ය හා මුල්‍ය විනය වැඩි දියුණු කිරීම.

රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් එහි දැක්වෙන යෝජනා පහත පරිදි වේ.

මිල රු.4000කින් අඩු කරමින් සහනාධාර ලබාදීම ඇරඹෙයි.

මිල රු.4000කින් අඩු කරමින් සහනාධාර ලබාදීම ඇරඹෙයි.


🟡ජාත්‍යන්තර ගනුදෙනු සම්බන්ධයෙන් කටයුතු කිරීමට විශේෂ අංශයක් සහිතව බදු ප්‍රතිපත්ති සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා නව ඒකකයක් පිහිටුවීම

🟡බදු පරිපාලනය කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ සිදු කිරීම

🟡දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල පුහුණුව සහ ධාරිතා සංවර්ධනය කිරීම

🟡හිඟ බදු කඩිනමින් අය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම

🟡බදු අය කිරීමේ කාර්යක්ෂමතාව හා සාධාරණ බව තහවුරු කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව, ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය ඇතුළු අදාළ රාජ්‍ය ආයතනවල මෙහෙයුම් දේශීය අදායම් දෙපාර්තමේන්තුව සමග ජාලගත කිරීම

🟡රාජ්‍ය සේවා ලබා ගැනීම හා රජය සමග කටයුතු කිරීමට සෑම පුරවැසියෙකුටම නිශ්චිත ඩිජිටල් හඳුනා ගැනීමේ කේතයක් (^Unique Digital Identification code) ලබාදීම

🟡පුද්ගලයින් සඳහා වන වාර්ෂික බදු නිදහස් සීමාව රුපියල් ලක්ෂ 12 සිට ලක්ෂ 24දක්වා වැඩිකිරීමට සහ බදු කාණ්ඩ (Tax Brackets) හා බදු අනුපාත (Tax Rates) සාධාරණ ලෙස සංශෝධනය කිරීම

🟡බදු මූලධර්මවලට අනුකූලව බදු පදනම (Tax Base) පුළුල් කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම

🟡යන්ත්‍රසූත්‍ර සඳහා ප්‍රාග්ධන වියදම්වලින් සමාගම් ආදායම් බදු සඳහා අඩු කළ හැකි ක්ෂය දීමනාව, 120% දක්වා වැඩි කිරීම මගින් නිෂ්පාදනය දිරිගැන්වීම

🟡වැට් (VAT) බදු එකතු කිරීම විධිමත් සහ කාර්යක්ෂම කිරීම සඳහා පොයින්ට් ඔෆ් සේල්ස් (POS) යන්ත්‍ර සහ ඩිජිටල් ඉන්වොයිසින් ක්‍රම හඳුන්වාදීම

🟡දේශීයව නිෂ්පාදනය කරන කිරි, බිත්තර ඇතුළු අත්‍යවශ්‍ය ආහාර, ළදරු කිරි, ඖෂධ, පාසල් පොත් හා උපකරණ, සඟරා, පුස්තකාල සේවා, කෘෂි උපකරණ, පොහොර, සූර්ය පැනල සහ උපාංග, පුනර්ජනනීය බලශක්ති ජනන යන්ත්‍ර, ආබාධ සහිත පුද්ගලයන් භාවිතා කරන වාහන උපකරණ පරිපථ, දේශීය නිෂ්පාදන මෘදුකාංග, තොරතුරු තාක්ෂණ සේවා, පර්යේෂණ හා සංවර්ධන සේවා සඳහා වැට් බද්ද 0% අනුපාතයට ගෙන ඒම.

"සාදය ගැන විස්තර කියන්න කතා කළා. මම හිටියේ එතකොට කෝල් එකක" - සාදයට ගොස් පැමිණි තරුණ බැංකු නිලධාරිනියගේ අවාසනාවන්ත වියෝව.

"සාදය ගැන විස්තර කියන්න කතා කළා. මම හිටියේ එතකොට කෝල් එකක" - සාදයට ගොස් පැමිණි තරුණ බැංකු නිලධාරිනියගේ අවාසනාවන්ත වියෝව.


🟡වැට් බද්දට අදාළ භාණ්ඩ වර්ගීකරණය කොට ඒ ඒ කාණ්ඩය සඳහා වෙනස් බදු අනුපාත හඳුන්වා දීම

🟡ආදාන වැට් බද්ද (Input VAT) මත වන අපනයන සංවර්ධන බදු අපනයනකරුවන්ට කඩිනමින් ආපසු ලබාදීම

🟡දැනට ක්‍රියාත්මක අභිමත බදු විගණනය වෙනුවට අවදානම් පාදක බදු විගණනයට මාරු වීම

🟡බදු තක්සේරු කිරීම, බදු වාර්තා ගොනු කිරීම, බදුගෙවීම, හා අතිරික්ත බදු ආපසු ගෙවීම සඳහා ජංගම දුරකථන මඟින් ගෙවීමේ පහසුකම්ද සහිත මාර්ග ගත ක්‍රමවේදයක් හඳුන්වා දීම

🟡ආනයන හා අපනයන වෙළඳ පහසුකම් සැලසීමට අනෙකුත් රාජ්‍ය ආයතන සහ ශ්‍රී ලංකා රේගුව ඒකාබද්ධ කරමින් තනි සේවා කවුළුවක් පිහිටුවීම

🟡සාධාරණ ලෙස රේගු බදු ආදායම වැඩි කර ගැනීම සඳහා පවතින සංකීර්ණ තීරුබදු අනුපාත ව්‍යුහය සරල කිරීම

🟡අපනයන ඉපැයීම්වලට සාපේක්ෂව විදේශ ප්‍රේෂණ ගෙන්වා ගැනීම හා මෙහෙයුම් කාර්යක්ෂම කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුවට බලය පැවරෙන පරිදි විදේශ විනිමය පනත සංශෝධනය කිරීම

🟡ආනයන හා අපනයනකරුවන්ට වඩාත් කාර්යක්ෂම හා අඩු පිරිවැය සේවාවන් ලබා දීම සඳහා ශ්‍රී ලංකා රේගුවේ කටයුතු විමධ්‍ය ගත කිරීම

🟡ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා අපනයන සැකසුම් සඳහා තාවකාලික ආනයනය ක්‍රමය යටතේ (TIEP) අමුද්‍රව්‍ය සහ යන්ත්‍ර සූත්‍ර ආනයනය සඳහා පහසුකම් සැලසීම

🟡ජාත්‍යන්තර ගනුදෙනු සහ හුවමාරු මිල (Transfer Pricing) මත සිදුවන බදු කාන්දුවීම්, බදු පැහැර හැරීම්, ඌන ඉන්වොයිසින් හා අධි ඉන්වොයිසින්, වැළැක්වීමට රටවල් අතර ස්වයංක්‍රීය තොරතුරු හුවමාරුව (AEoI) වැනි ක්‍රියාමාර්ග හඳුන්වා දීම

🟡ජාත්‍යන්තර ගිවිසුම්වලට අනුකූලව සහ අදාළ මාර්ගෝපදේශ අනුව ජාත්‍යන්තර ගනුදෙනු මත අවම ගෝලීය බද්දක් (Minimal global taxation) පැනවීම

🟡විද්‍යුත් ප්‍රසම්පාදනය ඇතුළත් ඩිජිටල් පාදක ආණ්ඩුකරණය සහ ශක්තිමත් රාජ්‍ය අධීක්ෂණ යාන්ත්‍රණයක් මගින් රාජ්‍ය මුල්‍ය කාර්යක්ෂමතාව, විනිවිදභාවය, යහපාලනය සහ වගවීම වැඩි දියුණු කිරීම හා අනවශ්‍ය රාජ්‍ය වියදම් කපා හැරීම.

සජිත්ගේ රැලියකට ආ පිරිසකට තණකොල කන්න දෙයි.

සජිත්ගේ රැලියකට ආ පිරිසකට තණකොල කන්න දෙයි.


මූූල්‍ය ප්‍රතිපත්ති

🟡ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ආර්ථික කටයුතු යථාතත්වයට පත්කිරීම හා හිඟ ණය සඳහා සහන සැලසීමට නව සහන බැංකුවක් ස්ථාපිත කිරීම

🟡ව්‍යවසායකයින් සඳහා දිගුකාලීන මුල්‍යකරණය, නව ව්‍යාපාර ආරම්භ කිරීම සහ ව්‍යපාර ප්‍රසාරණය කිරීම සඳහා නව ජාතික සංවර්ධන බැංකුවක් ස්ථාපිත කිරීම

🟡කුඩා පරිමාණයේ ගොවියන්, නිෂ්පාදකයින්, ව්‍යවසායකයින් සහ ආයෝජකයින් සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට සමුපකාර, සමෘද්ධි හා ප්‍රාදේශීය සංවර්ධන බැංකු කාර්යක්ෂම ලෙස මෙහෙයවීම

🟡නීතිමය විධිවිධාන සහ මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් ලබාදී ඇති ක්ෂුද්‍ර මුල්‍ය ණය පිළිබඳ සමාලෝචනය කොට අගතියට පත් පාර්ශ්වයන්ට සහන සැලසීම ක්ෂුද්‍ර මූල්‍ය සේවා සපයන ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි කිරීම දිරි ගැන්වීම සහ එම කටයුතු අධීක්ෂණය විධිමත් කිරීම

🟡විදේශ විනිමය වෙළෙඳපොළ ඇතුළු මූල්‍ය වෙළඳපොළවල ස්ථාවරත්වය සඳහා ප්‍රතිපත්ති පොලී අනුපාතික ස්ථායී කිරීම

🟡බැංකු මුදල් සහ ඉතුරුම් නිෂ්පාදන ආර්ථික ක්‍රියාකාරකම්වල විධිමත්ව ආයෝජනය කිරීමට නව මූල්‍ය යෝජනා ක්‍රම හඳුන්වා දීම

🟡රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය විධිමත් කිරීම මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) ශක්තිමත් කිරීම

🟡ස්ථාවරත්වය සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා රාජ්‍ය බැංකු ප්‍රතිප්‍රාග්ධනීකරණය (Recapitalization) කිරීම

[වැඩි විස්තර සඳහා මෙය Click කරන්න. ]