බද්ද ඉවත් කර ඉන්ධන මිල අඩු කරයි.? - ඇමති කංචනගෙන් විශේෂ ප්‍රකාශයක්.

Fuel Price In Sri Lanka Anura Kumara Dissanayaka Kanchana Wijesekera
By Wayomi Aug 25, 2024 11:27 AM GMT
Wayomi

Wayomi

Report

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින්, බද්ද ඉවත් කර ඉන්ධන මිල අඩු කරන බවට සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් කංචන විජේසේකර අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබා තිබෙනවා.

සියලු අපේක්‍ෂකයන්ගේ වත්කම් ලැයිස්තුව එක්වරම එළියට. - අයෙකුගේ ඔරලෝසුව ලක්‍ෂ 120යි.

සියලු අපේක්‍ෂකයන්ගේ වත්කම් ලැයිස්තුව එක්වරම එළියට. - අයෙකුගේ ඔරලෝසුව ලක්‍ෂ 120යි.


"පච, බොරු, කෙබර සහ පට්ටපල් බොරු

ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පසුගිය දවසක කියා සිටියා ඔහු බලයට පත් වුවහොත් දැනට මහා භාණ්ඩාගාරය විසින් ලබා ගෙන ඇති ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ තිබු විදේශ ණය ප්‍රමාණය ගෙවීමට අය කරන ඉන්ධන ලීටරයක් මත පවතින රුපියල් 50ක බද්ද ඉවත් කර ඉන්ධන මිල අඩු කරන බව. ඔහු තව දුරටත් පැවසුවේ එම ණය මුදල සම්පුර්ණයෙන්ම මහා භාණ්ඩාගාරයට පියවා ඇති බැවින් එය ඉවත් කල හැකි බවයි.

මෙම නිගමනයට ඔහු පැමිණියේ කෙසේදැයි මම නොදනිමි.

ඉන්ධන මිලෙහි යළි විශාල වෙනසක්. - තෙල් පරිභෝජනයෙත් වෙනස්කම්. - ලබන සතියේ එන අලුත්ම තීරණය මෙන්න.

ඉන්ධන මිලෙහි යළි විශාල වෙනසක්. - තෙල් පරිභෝජනයෙත් වෙනස්කම්. - ලබන සතියේ එන අලුත්ම තීරණය මෙන්න.

 

පසුගිය ඉන්ධන නොමැති සහ විදුලිය නොමැති ආර්ථික අර්බුද අසීරු අවස්ථාවේ ජනාධිපතිවරයාට ජනප්‍රිය නොවන නිවැරදි තීරණ ගැනීමට සිදු විය. එම තීරණ ගත් බැවින් අද අවශ්‍ය ඉන්ධන ලබා දීමට හැකියාව ඇත.

2022 වසරේ මහා භාණ්ඩාගාරය විසින් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ගෙන තිබු සහ ගෙවීම් පැහැර හැර තිබු රුපියල් බිලියන 1200කට (ඇමෙරිකානු ඩොලර් මිලියන 3400ක් පමණ) වැඩි ණය ප්‍රමාණයක් ඔවුන්ගේ ගිණුමට ලබා ගන්නා ලදි. එසේ ගනු ලැබුවේ ඉන්ධන ලීටරයකින් රුපියල් 25ක පමණ බද්ධක් 2022 වසරේ සිට අය කර එය ගෙවීමටය. එම බද්ධ රුපියල් 50 දක්වා 2023 වසරේ වැඩි කරන ලද්දේ එම ණය 2029 වසර වන විට ගෙවා අවසන් කරන්න සැලසුමක් සහිතවය. 2025 වසර ආරම්භ වන විට තවත් ගෙවීමට ඇති මුදල රුපියල් බිලියන 656ක් වේ.

අලුත්ම නීති සංශෝදනයක්. - රැකියා වෙලාවෙන් පසු බොස්ව ගණන් නොගන්න. - ඇමතුම්, SMS සහ GMAIL මඟ හරින්න.

අලුත්ම නීති සංශෝදනයක්. - රැකියා වෙලාවෙන් පසු බොස්ව ගණන් නොගන්න. - ඇමතුම්, SMS සහ GMAIL මඟ හරින්න.


මෙලෙස තවත් රුපියල් බිලියන 656ක් ගෙවීමට ඇති පසුබිමක ජනතාව සහ ඡන්ද දායකයන් මුලා කරමින් ඉන්ධන මත ඇති බදු අඩු කර ඉන්ධන මිල අඩු කරන බව පවසන්නේ එම ගෙවීමට ඇති මුදල පියවීමට මුදල් මුද්‍රණය කිරිමෙන්ද, තවත් ණය ගැනීමෙන්ද, වෙනත් බදු වැඩි කර අදායම වැඩි කිරීමෙන්ද එහෙමත් නැත්නම් වෙන කවර ආකාරයෙන්ද?

මා මෙයට පෙර කල ආරාධනාව නැවත කරමි. ජාතික ජන බලවේගයේ සහ සමගි ජන බලවේගයේ පාර්ශවයන්ගේ බලශක්ති ප්‍රතිපත්ති පිළිබඳව, රජයේ බලශක්ති ප්‍රතිපත්ති පිළිබඳව, රජයට එල්ල කරන බලශක්ති ක්ෂේත්‍රයේ දුෂණ හෝ වංචා ගැන ඕනෑම විවාදයකට හෝ සංවාදයකට මා සමග සිදු කිරීමට පැමිණෙන ලෙස ආරාධනා කරමි."

රාජ්‍ය‍ සේවයේ වැටුප වැඩි කිරීමට අමතරව හිතාගන්නවත් බැරි විදිහට ලැබෙන්න යන දේවල් මෙන්න.

රාජ්‍ය‍ සේවයේ වැටුප වැඩි කිරීමට අමතරව හිතාගන්නවත් බැරි විදිහට ලැබෙන්න යන දේවල් මෙන්න.