උඩරට අවලංගු වූ මුළු දුම්රිය ගමන් වාර ගණන 42ක්
උඩරට දුම්රිය මාර්ගයේ පිලී පැනීම හේතුවෙන්, අද (21) දිනට කොළඹ කොටුව සිට මහනුවර, මාතලේ සහ ප්‍රාදේශීය ගමනාගමන මගී දුම්රිය ගමන් වාර 22ක් අවලංගු කර ඇති බව දැනුම් දී තිබේ.
ඒ අනුව කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් බදුල්ල හා නානුඔය බලා ධාවනයට නියමිත වූ දුම්රිය ගමන් වාර 4ක් මහනුවර දුම්රිය ස්ථානයේ සිට ආරම්භ කිරීමට කටයුතු කර ඇත.
නානුඔය හා බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන ගමන් වාර 4ක් පේරාදෙණිය හා මහනුවර දක්වා ධාවනය සිදු වේ. උඩරට මාර්ගයේ පිලී පැනීම හේතුවෙන් මෙම දින තුන තුළ අවලංගු වූ මුළු දුම්රිය ගමන් වාර ගණන 42කි.
එමෙන්ම, හෙට දහවල් 12 වන තුරු දුම්රිය ගමන් වාර පහත දැක්වෙන පරිදි අවලංගු කිරීමට සිදුව ඇති බව දැනුම් දී ඇත. අදාළ නිවේදනය පහතින් දැක්වේ.

