දෙලක්ෂ තිස් හයදාහකට රාජ්‍ය ආයතනයකට පුටු දෙකක් අරන් - වැඩේ මාට්ටු

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ 2024 වර්ෂයට අදාළ නවතම විගණන වාර්තාව අනාවරණය අනුව ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයට භාණ්ඩ හා උපකරණ සැපයීමේදී අවශ්‍යතාවය හඳුනාගෙන නොතිබීම මත ගැටළු කිහිපයක් මතු වී තිබේ.

ඒ අනුව විගණන වාර්තා මගින් සදහන් කර ඇත්තේ, ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයට රුපියල් 2,36,000 ක වටිනා ලොබී පුටු 2ක් (Lobby Chair 02) මිල දී ගෙන ඇති බවත් ඒවා මාස 4ක් ගත වූ පසු මළකඩ බැඳී, ප්‍රයෝජනවත් නොවූ තත්ත්වයෙන් පැවති බවත්‍ ය.

එමෙන්ම අවශ්‍යතාවය හඳුනාගෙන නොතිබූ Web Cam (වෙබ් කැම්) උපකරණ සහ 2TB දෘඩ තැටිය ප්‍රාදේශීය කාර්යාලවලට මිලදී ගෙන ඇත.

විගණනය අනුව මෙම උපකරණ හදිසි අවස්ථාවකදී මාර්ගගත රැස්වීම් පැවැත්වීම සඳහා පමණක් භාවිතා වන බව හෙළිවී ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ගණන්දීමේ නිලධාරියා විගණනේ සදහන් කර ඇත්තේ, මෙම භාණ්ඩ ලෝක බැංකු ව්‍යාපෘතිය යටතේ මිලදී ගෙන ඇති අතර, කාර්යාල නවීකරණය සමඟ ඉදිරියේදී අවශ්‍යතාවයට අනුව භාවිතයට ගනු ඇති බවයි.

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න

රේඩාර් ව්‍යාපෘතිය සමඟ කාර්යාලයේ ඉඩකඩ සීමා ඇති බැව් නිසා, පුටු තාවකාලිකව විවේක කාමරය තුළ භාවිතයට ගෙන ඇති අතර, ඉදිරියේදී මෙම භාණ්ඩ ප්‍රාදේශීය කාර්යාලවල අවශ්‍යතාවය අනුව භාවිතයට ගෙන යනු ඇති බවත් විගණනේ සඳහන් වේ.

සෑම කාලගුණ විද්‍යා කාර්යාලයකටම Web Cam උපකරණ සපයා ඇති අතර, හදිසි අවස්ථාවකදී මාර්ගගත රැස්වීම් පැවැත්වීම සඳහා දෙපාර්තමේන්තු තිරණයට අනුව භාවිතා කරන බවද සඳහන්.

මේ පුද්ගලයන්ගේ වාහන හදුනාගැනීමේ බලපත්‍ර ගැන රජයෙන් සුබ ආරංචියක්

මේ පුද්ගලයන්ගේ වාහන හදුනාගැනීමේ බලපත්‍ර ගැන රජයෙන් සුබ ආරංචියක්