රනිල්ගේ ආණ්ඩුවේ මීලග අගමැති ගැන එළියට ආ රහස මෙන්න. - වේදිකාවකදී මුළු රටටම හෙළි කරයි.

Ranil Wickremesinghe Ravi Karunanayake Prime minister Sri Lanka Government
By Wayomi Aug 25, 2024 01:59 PM GMT
Wayomi

Wayomi

Report

රනිල්ට ඡන්දය දීම, රනිල්ගේ රජයේ අගමැතිකම බලාපොරොත්තුව සිටින රවී කරුණානායකට දෙන ඡන්දයක් බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව කියා සිටියේ, මහරගම මැතිවරණ බලප්‍රදේශයේ කාන්තා බලමණ්ඩල හමුවට එක්වෙමින්.

"මීට කලකට ඉහතදී ජීවත් වූ ආකාරය මතකයක් පමණක් වූ වර්තමානයේ, නිවසේ විදුලි බුබුලක් ක්‍රියාතමක කරන්න, ජල කරාමයක් අරින්න, බෙහෙත් බොන්න, තුන් වේල කන්න, දරුවා උපකාරක පන්තියකට යවන්න, ඇඳුම් සපත්තු අලුතින් ගන්නවද, අලුත්වැඩියා කරන් තව පාවිච්චි කරනවද යනාදී සියලු ගැටළු කළමණාකරණය කරන්නේ අම්මාවරුන් විසිනි. තම ඇඳි වත රැකගෙන, තම දරුවාට අලුත් ඇඳුමක් මිලදී ගන්නට නොහැකිව හූල්ලන අම්මාවරුන් කොපමණ මෙරට ඇත්දැයි,

බද්ද ඉවත් කර ඉන්ධන මිල අඩු කරයි.? - ඇමති කංචනගෙන් විශේෂ ප්‍රකාශයක්.

බද්ද ඉවත් කර ඉන්ධන මිල අඩු කරයි.? - ඇමති කංචනගෙන් විශේෂ ප්‍රකාශයක්.


කාන්තාව යනු ස්ථිරසාර තීරණයන් ගන්නා ශක්තිමත් කොට්ඨාසයක් හෙයින් තම පවුලේ වගකීමත්, දරුවාගේ අනාගතයත් රඳා පවතින්නේ කාන්තාවන් අත බව ඒ මහතා අවධාරණය කළේය. මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වෙනුවෙන් ඡන්දය ප්රකාශ කිරීම යනු කප්පම් ප්රසන්න, උඩතලවින්නේ රත්වත්තේ, පයාගල රත්තරන්, නාවලපිටියේ මහින්දානන්ද දිනවන්න ඡන්දය දීමක් හා සමානය. එසේත් නැතිනම් නිමල් සිරිපාල, අමරවීර, ලසන්ත, දුමින්ද වැනි අඛණ්ඩව වසර 25ක් පුරා සෑම ආණ්ඩුවකම ඇමති ධුර දැරූවන් දිනවීමට ඡන්දය දීමකි. එමෙන්ම ඉතිහාසයේ අරන්තලා පුද බිමට, සිරි දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාර එල්ල කළ වුන් දිනවීමට ලබා දෙන ඡන්දයකි. බාර් පර්මිට් එකට මාරු වන බාර් කුමාරලා, සල්ලි මලු වලට හුවමාරුවන ඇතැම් මුස්ලිම් මන්ත්‍රීවරු දිනවන්න නම් රනිල්ට ඡන්දෙ දෙන ලෙස මන්ත්රීවරයා කියා සිටියේය. ඉන් නොනැවතුණු සජබ මාධ්‍ය ප්‍රකාශක එස්. එම්. මරික්කාර් මහතා කියා සිටියේ, රනිල්ට ඡන්දය දීම, රනිල්ගේ රජයේ අගමැතිකම බලාපොරොත්තුව සිටින රවී කරුණානායකට දෙන ඡන්දයක් බවයි. එමෙන්ම සාගල, අකිල, රංගේ සියල්ල දිනවන්න ලබා දෙන ඡන්දයකි.

වසර ගණනක් පුරා චන්ද්‍රිකාගේ වලව්වේ, රාජපක්ෂ වලව්වේ සහ 2015 සිට වික්රමසිංහ වලව්වේ පිලිකන්න මත සිටි පාර්ශවය දිනවීම යනු “ගෝඨාභය පාර්ට් 2“ චිත්රපටය බවත්, වැරදීමකින් හෝ එසේ සිදු වීමෙන් ජනතාවටත් රටටත් අබ සරණ බවත් මන්ත්රීවරයා පෙන්වා දුන්නේය. විවිධ බොරු කියමින් යන ඔවුන් කිහිල්ලේ රුවාගත් වංචා හෙළිදරව් කරන බව කියන ඊනියා ෆයිල් බිම වැටුණු දාට, එහි කිසිවක් නොමැති බැව් දැකගත හැකිය. 1994 ජවිපෙ විසින් දැරූ අමාත්යංශ වලින් ගෝඨාභය හා සමානවම පැන ගිය අයුරු විස්තර කළ එස්. එම්. මරික්කාර් මන්ත්රීවරයා කියා සිටියේ ඔවුන් ජයගත් තිස්සමහාරාම ප්රාදේශීය සභාවටද මහජනයා ඔවුන් තෝරාගත්තේ එක් වරක් පමණක් බවයි. පාර පිරිසිදු කිරීමට, කණුවල විදුලි බුබුළු සවි කිරීමට හෝ මදුරුවන් පාලනය කරගන්නට අසමත් වූවන් කෙසේ රටක් පාලනය කරන්නේදැයි මෙරට ආර්ථික අර්බුදය විසඳීම සඳහා ආදායම් උත්පාදනය කිරීම, ණය බර – බදු බර – බඩු මිල අඩු කිරීම යනාදිය ඔවුන්ට සිහිනයක් විතරයි."

සියලු අපේක්‍ෂකයන්ගේ වත්කම් ලැයිස්තුව එක්වරම එළියට. - අයෙකුගේ ඔරලෝසුව ලක්‍ෂ 120යි.

සියලු අපේක්‍ෂකයන්ගේ වත්කම් ලැයිස්තුව එක්වරම එළියට. - අයෙකුගේ ඔරලෝසුව ලක්‍ෂ 120යි.


එමෙන්ම මෙරට ප්‍රමුඛතම රේඩියෝ නාලිකාවක ප්‍රධානියා ලෙස තමන් වැඩ භාර ගන්නා අවස්ථාවේ 4වන ස්ථානයේ පැවති එම නාලිකාව තමන් විසින් ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් ශ්‍රවණය කරන 1වන ස්ථානය දක්වා ප්‍රචලිත කළ බව ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

එහිදී තමා නාලිකා ප්‍රධානියා ලෙස අනුගමනය කළේ මෙරට වැඩිපුරම රේඩියෝ ශ්‍රවණය කරන කාන්තා ප්‍රජාව මූලික කර ගත් අංගයන්‍ ය. එමෙන්ම 2014 වසරේ තමා පළාත් සභා මැතිවරණයට තරග කරද්දී නිර්මාණය කෙරුණු තේමා ගීය හා දැන්වීම්ද පාදක වූයේ කාන්තාවන්ට සමීප සංකල්පයන් වලිනි.

ඔහු අවධාරණය කළේ කාන්තා මතය හා අදහස් මෙරට ඉතා ප්‍රබල වෙනස්කම් සඳහා බලපාන බවයි. එළැඹෙන සැප්තැම්බර් 21 දිනය නිමා වද්දී එකී ප්‍රබල බලපෑමෙන් හා මෙරට බහුතර කාන්තා විශ්වාසයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත් වන බව කැට තියා සහතික කෙරෙන බවද මරික්කාර් කියා සිටියා.

ප්‍රධාන සමාජ මාධ්‍ය ගිණුමේ ප්‍රධාන විධායක නිලධාරියා හදිසියේම අත්අඩංගුවට. - (PHOTO)

ප්‍රධාන සමාජ මාධ්‍ය ගිණුමේ ප්‍රධාන විධායක නිලධාරියා හදිසියේම අත්අඩංගුවට. - (PHOTO)