පොලිස් රැකවල් මැද වැඩ භාරගත්තු මාලිමා සභාපති

Report

අද (02) දින නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තේරි පත් වූ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා සහ දමිළ ප්‍රගතිශීලි සංධානයෙන් එම සභාවට උප සභාපති වශයෙන් තේරි පත් වුණ නඩරාජා සිවකුමාර් මහතා එම ධුරයේ වැඩ කටයුතු නිල වශයෙන් ආරම්භ ක‍ර ඇති බව වාර්තා විය.

ඒ දැඩි පොලිස් ආරක්ෂාව යටතේ බව ද සඳහන්. කෙසේ වෙතත් වැඩ භාරගැනීමෙන් අනතුරුව සභාපතිවරයා නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලය හා ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත වූ බව පවසයි.

ගාමිණී ලොකුගේ කැස්බෑවේ සිංහයාද? මැරයද?

ගාමිණී ලොකුගේ කැස්බෑවේ සිංහයාද? මැරයද?

මේ අතර නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව පසුගිය පාලන කාලයේ දුෂණ සහ අක්‍රමිකතා ගණනාවක් සිදු ව තිබෙන ප්‍රාදේශීය සභාවක් බව සභාපතිවරයා මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව වර්තමාන ජනාධිපතිවරයාගේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන ප්‍රතිපත්ති ප්‍රකාශනය මත නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව නුවරඑළිය දිස්ත්‍රික්කයේ හොදම ප්‍රාදේශීය සභාව බවට පත් කරන බවද ඔහු පවසා ඇත.

කොරියාවට යන්න බලන් ඉන්න අයට මෙන්න විශේෂ නිවේදනයක්

කොරියාවට යන්න බලන් ඉන්න අයට මෙන්න විශේෂ නිවේදනයක්

එසේම සභාපතිවරයා වැඩ භාරගන්නා මොහොතේ ප්‍රාදේශීය සභාව ඉදිරිපිට වතුකරය නියෝජනය කරන වෘත්තීය සමිතියක පිරිසක් විරෝධතාවයක් දැක්වීමට ඇති සුදානමක් පිළිබඳව තොරතුරු ලැබීම නිසා නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබූ බව වාර්තා විය.  

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව