මෙවර ලෝක වෙසක් උත්සවයේ ප‍්‍රධාන දේශනාව ජනපතිගෙන්..

Report

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕංග් මහතාගේ ආරාධනයකට අනුව, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 මැයි 4 සිට 6 දක්වා වියට්නාමයේ රාජ්‍ය සංචාරයකට එක්වීමට නියමිතය.

ඒ සඳහා ජනාධිපතිවරයා 2025 මැයි 3 රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යනු ඇත. වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 55 වසරක් සමරන මෙම සංචාරය, දෙරටේ ශක්තිමත් සබඳතා තවදුරටත් තහවුරු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සංචාරය අතරතුර, ජනාධිපතිවරයා වියට්නාම් ජනාධිපති, අගමැති සහ කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡාවලට එක්වනු ඇත.

ලංකාව හිර වෙයි.. IMF අත අරී.. ඉස්සරහට මොනවා වෙයි ද?

ලංකාව හිර වෙයි.. IMF අත අරී.. ඉස්සරහට මොනවා වෙයි ද?

එසේම, 2025 මැයි 6 වන දින හෝ චි මිං නගරයේ ආරම්භ වන එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපතිවරයා සහභාගී වන අතර, එහි ප්‍රධාන දේශනය පවත්වයි.

මෙම සංචාරයේදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තබා, ව්‍යාපාරික ප්‍රජාව සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට එක්වෙයි.

මීළග පාප්තුමා කාදිනල් පියෙට්‍රෝ පැරොලින්?

මීළග පාප්තුමා කාදිනල් පියෙට්‍රෝ පැරොලින්?