මීළග පාප්තුමා කාදිනල් පියෙට්‍රෝ පැරොලින්?

Pope Francis Sinhala news
By Shehan Apr 30, 2025 03:46 PM GMT
Shehan

Shehan

Report

රෝගී තත්ත්වයක් හේතුවෙන් 88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථ වීමෙන් පසු මේ වනවිට වතිකානයේ පවතින්නේ අන්තර්වාර පාලනයකි.

නව පාප්තුමකු තෝරා පත් කර ගන්නා තෙක් වැඩ බලන ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ කාදිනල් කෙවින් ෆැරල් පියතුමාය.

ෆ්‍රැන්සිස් පාප්තුමාගේ අභාවයෙන් පසු නව පාප්තුමා කවුද යන්න පිළිබඳ ලොව පුරා අපේක්ෂාවක් ඇති වී තිබේ. මේ සඳහා පිළිතුරු සෙවීමට වතිකානය පියවර ගෙන ඇත.

තෙල් මිල යලිත් පහතට

තෙල් මිල යලිත් පහතට

ඒ අනුව, කාදිනල්වරුන්ගේ රැස්වීමක් මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති අතර, නව පාප්තුමා තෝරා ගැනීම සඳහා කාදිනල්වරුන්ගේ කොන්ක්ලේව් (මහා සම්මේලනය) ලබන මැයි 7 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇත.

ලොව පුරා කාදිනල්වරු 252 දෙනෙකු සිටින අතර, පාප්තුමා තෝරා ගැනීමට වයස අවුරුදු 80ට අඩු, ඡන්දය දීමට සුදුසුකම් ඇති කාදිනල්වරු 135 දෙනෙකි.

ඔවුන් තමන් අතරින් එක් අයෙකු නව පාප්තුමා ලෙස තෝරා ගනු ඇත. මෙම තත්ත්වය තුළ, ඊළඟ පාප්තුමා තෝරා ගැනීමේ තරඟයේදී, හංගේරියාවේ කාදිනල් පීටර් එර්ඩෝ (72), පිලිපීනයේ කාදිනල් ලුවිස් ඇන්ටෝනියෝ ටැග්ලේ (67), ආප්‍රිකාවේ ඝානාවේ කාදිනල් පීටර් ටර්ක්සන් (76), සහ ඉතාලියේ කාදිනල් පියෙත්‍රෝ පරෝලින් (70) ඉදිරියෙන් සිටින බව පැවසේ.

මැයි 02 දා වෙන්න යන්නේ කුමක්ද ? සිදුවන 9 වැනි යුද්ධය... ආරංචි රැසක් මෙන්න...

මැයි 02 දා වෙන්න යන්නේ කුමක්ද ? සිදුවන 9 වැනි යුද්ධය... ආරංචි රැසක් මෙන්න...

මේ අතරින්, කාදිනල් පියෙට්‍රෝ පැරොලින් ඊළඟ පාප්තුමා ලෙස තේරී පත්වීමට වැඩි ඉඩක් ඇති බව තොරතුරු පළ වෙමින් තිබේ. ඔහුට 41%ක සහයෝගයක් ඇති අතර, ඊළඟට ලුවිස් ඇන්ටෝනියෝ ටැග්ලේට 29%ක සහයෝගයක් ඇති බවට ප්‍රක්ෂේපණ පළ වී තිබේ.

ReeCha