මහින්දගේ කටින්ම මහින්ද ගස් බල්ලෙක් බවට හැන්සාඩ් ගත වෙන ලකුණු

Report

නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් තමන්ට වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ සමාජ මාධ්‍ය සමූහයක “මහින්ද ජයසිංහ නම් ගස් බල්ලා” යනුවෙන් හඳුන්වමින් එක්තරා ගුරුවරයෙක් voice MASSAGE ආමන්ත්‍රණයක් සිදුකර ඇති බව පවසා තිබෙනවා.

ඒ අනුව අද (24) දින පාර්ලිමේන්තුවේ පැවති යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයේදී ඔහු මේ බව සඳහන් කර සිටියා.

දිවයිනේ සියලුම පාසල් පරික්ෂා කරනවා, ඕනෙනම් වහනවා - ජනපති

දිවයිනේ සියලුම පාසල් පරික්ෂා කරනවා, ඕනෙනම් වහනවා - ජනපති

එසේම නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ ඉතා කීර්තිමත් ගුරුවරුන් නියෝජනය කරන වෘත්තීය දේශකවරුන්ගේ සංගමය වැන්නක සාමාජිකයෙක් වෙතින් එවැනි හැසිරීමක් අපේක්ෂා කළ නොහැකි බව‍යි.

කෙසේ වෙතත් මෙකී ප්‍රකාශය සමඟ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහගේ ම පාර්ලිමේන්තු කතාවක් වශයෙන් ” මහින්ද ජයසිංහ ගස්බල්ලා ” ලෙස හැන්සාඩ් ගතවීමේ අවධානමක් තිබෙන බවට සමාජ මාධ්‍ය තුළ ප්‍රතිචාර සහ අදහස් දැක ගත හැකිවේ.

බිහිසුණු ගුවන් යානයේ අනතුරෙන් මඟීන් 49 දෙනාම ජීවිතක්ෂට

බිහිසුණු ගුවන් යානයේ අනතුරෙන් මඟීන් 49 දෙනාම ජීවිතක්ෂට

මේ අතර නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ විවාදයට එක්වෙමින් සඳහන් කළේ යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමඟ ගුරු, විදුහල්පති, ගුරු උපදේශක, අධ්‍යාපන පරිපාලන ඇතුළු අංශ5ක වෘත්තීයභාවය ඉහළ දැමීමට කටයුතු සිදු වෙන බවයි.

එසේම ඔහු පෙන්වා දුන්නේ ඇතමුන් යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව විරෝධය දක්වා සිටින්නේ අධ්‍යාපන ක්ෂේත්‍රය ගැන සංවේදීව නොව වෘත්තීයභාවය ඉහළ නැංවීමේදී තමන් කරගෙන යන ජීවිකාව අවධානමට පත්වේද යන සැකය නිසා බවයි.

5 වසර ප්‍රශ්ණ පත්තරේ කුණුහරප - දැඩි ආන්දෝලනයක්

5 වසර ප්‍රශ්ණ පත්තරේ කුණුහරප - දැඩි ආන්දෝලනයක්