"මහින්ද රාජපක්ෂ අනතුරේ - මාලිමා ආණ්ඩුව මහින්දගෙන් පලි ගන්නවා ඔහොම බාල තීන්දු ගන්න එපා" - නන්දන ගුණතිලක

Anura Kumara Dissanayaka Mahinda Rajapaksa Latest Headlines Sinhala news NPP Government
By Ashfa Aug 12, 2025 07:55 AM GMT
Ashfa

Ashfa

Report

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙමළ ඩයස්පෝරාව පරාජය කර යුද්ධය ජයග්‍රහණය කල ජනපතිවරයාය.

ඔහුගේ ආරක්ෂාව ඉවත් කිරීම් යනු ඔහුව අනතුරකට අතවැනීමක් මෙන්ම ඔහුගෙන් සිදුකරන පලිගැනීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා පවසයි.

නැවතත් අතිශය භයානක රෝගයක් හිස ඔසවයි වැඩි ප්‍රමාණයක් දරුවන්

නැවතත් අතිශය භයානක රෝගයක් හිස ඔසවයි වැඩි ප්‍රමාණයක් දරුවන්

වර්තමාන මාලිමාව ආණ්ඩුව මැතිවරණයට පෙර හමුදා සෙබළුන් එකතු කර "රණවිරු සංසද" පිහිට වූ නමුත් අද ජනාධිපතිවරයා ඔවුන්ව "සෙබළුන්" ලෙස හදුන්වයි. එමෙන්ම යුද්ධය ජයග්‍රහණය කළ මහින්ද රාජපක්ෂ වැනි නායකයෙකුගෙන් ආණ්ඩුව පලි ගැනීම වැරදි බවත් පවසයි.

තෙල් මිල අඩු වෙනවද? බලශක්ති ඇමතිගෙන් ප්‍රකාශයක්

තෙල් මිල අඩු වෙනවද? බලශක්ති ඇමතිගෙන් ප්‍රකාශයක්

මේ අදහස් හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ආරක්ෂාව ඉවත් කිරීමට ආණ්ඩුව ගෙන ඇති යෝජනාව සම්බන්ධයෙන් දොඩන්දූවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සහ එම පක්ෂයේම හිටපු මන්ත්‍රී චන්ද්‍රසේන විජේසිංහ මහතා යන දෙදෙනා පැවසූහ.

ඔන්න මේක නැත්නම් ආයේ O/L කරපු පාසලේම A/L කරන්නත් බෑලු - වෙන පාසලක් හොයාගන්න වෙයි

ඔන්න මේක නැත්නම් ආයේ O/L කරපු පාසලේම A/L කරන්නත් බෑලු - වෙන පාසලක් හොයාගන්න වෙයි

හිටපු මන්ත්‍රී චන්ද්‍රසේන විජේසිංහ මහතා පෙන්වා දුන්නේ, ඕනෑම රටක නායකයෙකුට ජාතිය වෙනුවෙන් බැරෑරුම් තීන්දු ගැනීමට සිදුවන බවත්, එවැනි නායකයින් ආරක්ෂා කිරීමට සමාජය සතුව "සමාජ රක්ෂණයක්" පවතින බවත්ය.

බෙදුම්වාදය ජාත්‍යන්තර වුවමනාකම් මත ක්‍රියාත්මක වූ මොහොතක මහින්ද රාජපක්ෂ මහතා එය පරාජය කිරීමට තීන්දුවක් ගත් බවත්, එදා එම තීන්දුව නොගත්තේ නම් අද රට බෙදී යන බවත් ඔහු සිහිපත් කළේය.

මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත්, අනාගතයේදී රට වෙනුවෙන් කොන්ද පණ ඇතිව තීන්දු තීරණ ගැනීමට හැකි නායකයන් බිහි නොවන බවත්, ප්‍රතිගාමී බලවේග ඉදිරියේ දණගසන නායකයන් පමණක් බිහිවනු ඇති බවත් විජේසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මෙමගින් ඉටු කරන්නේ ප්‍රතිගාමීන්ගේ වුවමනාව බවත්, ජාතික ප්‍රශ්න සමග වෙනත් දේශපාලන ගනුදෙනු පටලවා නොගත යුතු බවත් ඔහු පැවසීය. ජාතියේ නායකයින් සිංහයන් මෙන් නිර්භීත විය යුතු බැවින් මෙවැනි "බාල තීන්දු" නොගන්නා ලෙස ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.