තෙල් මිල අඩු වෙනවද? බලශක්ති ඇමතිගෙන් ප්‍රකාශයක්
ඉන්ධන සඳහා පනවා ඇති බදු, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලබාගෙන ඇති ණය ගෙවා අවසන් කරන තෙක් ඉවත් කළ නොහැකි බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසුවේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ අදාළ බදු ඉවත් කිරීමක් කළහොත් ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇතිවන බවයි.
ඊයේ රාත්‍රී (11) ටීවී රුපවාහිනී වැඩසටහනකට සහභාගී වූ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා මේ ආකාරයට පවසා සිටියේය.