මහින්ද යළි අගමැති කිරීම ගැන නාමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.(VIDEO)
මහින්ද රාජපක්ෂ නායකත්වයට සමු දුන්නේ ජනතාවත් සමඟ මෙන් ම නැවත නායකත්වයට පැමිණෙන්නේත් ජනතාවගේ මනාපයෙන් ම පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.
ඒ සඳහා කොලඹට දැඩි ආරක්ෂාවල් යොදා තිබීම අනවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ.
වැටුණු රට නැවත නැගී සිටින නිමේෂයක අරගල කිරීම තුළින් නැවතත් එය කඩා වැටීමකට ලක් විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඔහු සඳහන් කර සිටියේ, කොළඹට දැඩි රැකවල් යෙදීම තුළින් සංචාරක කර්මාන්තයට , ආයෝජනවලට පමණක් නොව රටෙහි ප්‍රතිරූපයට පවා හානියක් සිදු විය හැකි බවයි.
එමෙන් ම අරගල කිරීම තුළින් වැටෙනුයේ රාජපල්ෂවත්,රනිල් වික්‍රමසිංහත් නොව සමස්ත රට බවයි නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශකර සිටියේ.
එමෙන් ම මෙහිදී නාමල් රාජපක්ෂ ජනාධිපතිතුමන්ගෙන් විශේෂ ඉල්ලීමක්ද කර තිබෙනවා.
එනම් අරගලය තුල තම නිවසට පැමිණ තමන්ගේ බලු පැටවා සොරකම් කළ පුද්ගලයා ඇල්ලූ ආකාරයට ම පාර්ලිමේන්තුව ගිනි තැබීමට උත්සහ කළ පුද්ගලයන්ද අත් අඩංගුවට ගන්නා ලෙසයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
