වහාම මේ අයගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන්නැයි පොලිසියට දැනුම්දෙයි..

Sri Lanka Police Mahinda Amaraweera Sri Lanka
By Aruna May 15, 2023 03:19 AM GMT
Aruna

Aruna

Report

කිරි ගව සොරුන් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොලීසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ, මෙම දිනවල කිරිගව සොරකම් ඉහළ යමින් පවතින බවට ගොවි සංවිධානවල නියෝජිතයින් සිදුකරන පැමිණිලි සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් අමාත්‍යවරයා අදාළ ඉල්ලීම සිදුකර ඇති බවයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයට ලැබී ඇති පැමිණිලි පරිදි දිනකට කිරි ලීටර් 20ක් පමණ ලබා ගත හැකි ගව දෙනුන් සොරකම් කරන බවත්, එක් දිස්ත්‍රික්කයකින් සතියකට ගවදෙනුන් 35ක් පමණ සොරකම් කරන බවටත් ගොවි නියෝජිතයින් අමාත්‍යාංශය වෙත පැමිණිලි කර ඇත.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ, අත්අඩංගුවට ගන්නා ගව සොරුන්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොලීසියෙන් ඉල්ලීමක් සිදුකර ඇති බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now