රනිල්ගේ ෆොටෝ එක නැතුව හැම පිටුවෙම අනුරගේ ෆොටෝ එකට දැම්මට එජාපෙට මල පැනලා

Report

ඉන්දියාවේ 79වන නිදහස් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ මුද්‍රිත මාධ්‍යවල පළ කරනු ලැබූ දැන්වීම් අතිරේක සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ඉහළ මට්ටමේ නිලධාරීන්ගේ හමුවකදී දැඩි අවධානය යොමුවී ඇති බව වාර්තා වේ.

ඒ අනුව හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිපදෙනෙකුද සහභාගී වූ මේ හමුවේදී මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මගින් සකස් කරනු ලදුව මුද්‍රිත මාධ්‍ය ආයතනවලට නිකුත් කරනු ලැබූ දැන්වීම් අතිරේකයේ ඡායාරූප යෙදීම සහ ඒවා තෝරා ගැනීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී තිබෙන බව සඳහන්.

ඉස්සරහට බලපු චිත්‍රපටි ආයේ ඒ විදිහටම බලන්න වෙන් නැති වෙයි, මෙන්න කරන්න යන අලුත් වැඩේ

ඉස්සරහට බලපු චිත්‍රපටි ආයේ ඒ විදිහටම බලන්න වෙන් නැති වෙයි, මෙන්න කරන්න යන අලුත් වැඩේ

මෙහිදී සාකච්ඡාවට සහභාගී වූ හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයන් පෙන්වා දී ඇත්තේ දැන්වීම් අතිරේකයට යොදාගත් සියලුම පිටුවල ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එකට සිටින ඡායාරූප පළකිරීම සාමාන්‍යයෙන් සිදු නොකරන්නක් බවයි.

එමෙන්ම හිටපු විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡායාරූපයක් හෝ සටහනක් හෝ පළ නොකිරීම සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමුවී ඇත.

ඒ අනුව වාර්තා වූයේ ඉන්දීය නිදහස් දිනය නිමිත්තෙන් මහ කොමසාරිස් කාර්යාලයේ අධීක්ෂණය යටතේ පළ කෙරුණු දැන්වීම් අතිරේක පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ බලවත් අප්‍රසාදය මේ වනවිටත් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත පළකර ඇති බවයි.

ඒක නම් සැර වැඩිද මන්දා, මෙලෝ හත්තිලව්වක් නොදැන මාධ්‍ය කතු වැකි ලිව්වා කියලා රිදෙන්න අමතන ලාල් කාන්ත

ඒක නම් සැර වැඩිද මන්දා, මෙලෝ හත්තිලව්වක් නොදැන මාධ්‍ය කතු වැකි ලිව්වා කියලා රිදෙන්න අමතන ලාල් කාන්ත

මේ මොන අපරාධයක්ද දෙයියනේ, ලෙඩාව දාලා එන ටිකට සෞඛ්‍ය කාර්ය සහයිකාව ඇම්බියුලන්ස් එක ඇතුළෙදිම දූෂණය කරලා

මේ මොන අපරාධයක්ද දෙයියනේ, ලෙඩාව දාලා එන ටිකට සෞඛ්‍ය කාර්ය සහයිකාව ඇම්බියුලන්ස් එක ඇතුළෙදිම දූෂණය කරලා