ජීවන වියදම් දීමනාව රු. 25,000කින් වැඩි කරන්න - නැතහොත් වෘත්තීය සමිති සටනක

Report

2027 වසර සඳහා ඉදිරිපත් කර ඇති රජයේ අයවැය ඇස්තමේන්තු දැඩි ලෙස විවේචනය කරමින් වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා රජයට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

පසුගිය වසරවලදී මෙන්ම මෙවරත් ජනතාවට සහන ලබාදෙන බව පවසමින් නොමඟ යවන සුළු ක්‍රියාමාර්ග අනුගමනය කර ඇති බවට ඔහු චෝදනා කරයි.

2027 වසර සඳහා රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 6,180ක් ලෙසත්, සමස්ත වියදම රුපියල් බිලියන 7,933ක් ලෙසත් ඇස්තමේන්තු කර ඇති අතර, ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 1,753ක් බව සඳහන් වේ.

පසුගිය වසරට සාපේක්ෂව ප්‍රාග්ධන වියදම් ඉහළ ගොස් ඇති බව ප්‍රකාශ කළද, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට රුපියල් බිලියන 590ක් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් රුපියල් බිලියන 709ක් වෙන්කර ඇති බවට දැක්වෙන පරස්පර සංඛ්‍යාලේඛන පිළිබඳව රජය පැහැදිලි කිරීමක් කළ යුතු බවද ඔහු අවධාරණය කරයි.

5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ- ඔබේ දරුවාට ලැබුණු පාසල දැන්ම ඔන්ලයින් පරීක්ෂා කරගන්න – නිල වෙබ් අඩවිය මෙන්න

5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ- ඔබේ දරුවාට ලැබුණු පාසල දැන්ම ඔන්ලයින් පරීක්ෂා කරගන්න – නිල වෙබ් අඩවිය මෙන්න

2025 වසරේ ලබාදුන් සීමිත දීමනා සහ මෙවර ප්‍රකාශයට පත්කර ඇති සුළු වැටුප් වැඩිවීම් වර්තමාන ජීවන වියදම හමුවේ ප්‍රමාණවත් නොවන බව සමන් රත්නප්‍රිය මහතා පෙන්වා දෙයි.

උදාහරණයක් ලෙස, උසස් සේවාවන්හි නිරත පිරිස් සඳහා රුපියල් 50,000ක ඉන්ධන හෝ වාහන දීමනාවක් ප්‍රකාශයට පත්කර තිබුණද, බදුල්ල වැනි දිස්ත්‍රික්කවල එවැනි දීමනා හිමිවන්නේ සීමිත පිරිසකට පමණක් බව ඔහු සඳහන් කරයි.

එමෙන්ම වෛද්‍යවරුන්ගේ 'DAT' දීමනාව රුපියල් 25,000කින් වැඩි කිරීමට යෝජනා කර තිබුණද, එයින් සියයට 50ක් ජූලි මාසයේ සිටත් ඉතිරි සියයට 50 2028 වසරේ සිටත් ලබාදීමට සැලසුම් කර ඇති බවත්, ඒ සඳහා නිශ්චිත ගෙවීම් දිනයක් ප්‍රකාශයට පත්කර නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.

සංගණන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, සාමාජිකයින් පස්දෙනෙකුගෙන් යුත් සාමාන්‍ය පවුලකට මාසයක් ජීවත්වීම සඳහා රුපියල් 87,742ක මුදලක් අවශ්‍ය වන බව සඳහන් කරන ඔහු, රාජ්‍ය සේවකයෙකුට දැනට හිමි මාසික ජීවන වියදම් දීමනාව රුපියල් 10,800ක් පමණක් බවද අවධාරණය කරයි.

ලාෆ් ගෑස් මිල රුපියල් 1,000කින් අඩු කරන්නැයි රජයෙන් ඉල්ලීමක් - අවසන් තීරණය අද සවස

ලාෆ් ගෑස් මිල රුපියල් 1,000කින් අඩු කරන්නැයි රජයෙන් ඉල්ලීමක් - අවසන් තීරණය අද සවස

මෙම විශාල පරතරය පියවා ගැනීම සඳහා රජය විධිමත් විසඳුමක් ඉදිරිපත් කර නොමැති බවටද ඔහු චෝදනා කර තිබේ.

ඒ අනුව, වර්තමාන ජීවන වියදමට ගැළපෙන පරිදි රාජ්‍ය සේවකයින්ගේ මාසික ජීවන වියදම් දීමනාව රුපියල් 25,000කින් වැඩි කරන ලෙස සමන් රත්නප්‍රිය මහතා රජයෙන් ඉල්ලා සිටියි.

එම ඉල්ලීමට රජය ප්‍රතිචාර නොදක්වන්නේ නම් සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධ කර රජයට එරෙහිව දැඩි වෘත්තීය සමිති විරෝධතා සහ ක්‍රියාමාර්ග දියත් කරන බවටද ඔහු අනතුරු අඟවා තිබේ.

අතිකාල දීමනා වංචා චෝදනාව - ආනන්ද පාලිත රිමාන්ඩ්

අතිකාල දීමනා වංචා චෝදනාව - ආනන්ද පාලිත රිමාන්ඩ්