පාතාල හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ‘ලාරා’ට අයත් රුපියල් කෝටි 4ක දේපොළ දින තහනම් කෙරේ

Report

මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන එගොඩහේවගේ ඉන්දික ප්‍රසාද් නොහොත් ‘ලාරා’ නැමැත්තාට අයත් තංගල්ල ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි 4ක් වටිනා දේපොළ දින 14ක කාලයක් සඳහා තහනම් කළ බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙම තහනම් නියෝගය නිකුත් කර ඇත. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් අපරාධ පරීක්ෂණ සහ මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමු කර තිබූ පැමිණිල්ලක් මත නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මෙම විමර්ශන ආරම්භ කර තිබුණි.

එහිදී අනාවරණය වී ඇත්තේ, ‘ලාරා’ නැමැත්තා අදාළ දේපොළ මිලදී ගෙන ඇත්තේ ඔහුගේ ප්‍රකට නීත්‍යානුකූල ආදායම් මාර්ගවලින් නොවන බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් උපයා ගත් මුදල්වලින් බවත්ය.

5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ- ඔබේ දරුවාට ලැබුණු පාසල දැන්ම ඔන්ලයින් පරීක්ෂා කරගන්න – නිල වෙබ් අඩවිය මෙන්න

5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ- ඔබේ දරුවාට ලැබුණු පාසල දැන්ම ඔන්ලයින් පරීක්ෂා කරගන්න – නිල වෙබ් අඩවිය මෙන්න

ඒ අනුව, සැකකරුට අයත් හම්බන්තොට ගිරුවාපත්තුවේ පිහිටි පර්චස් 18ක ඉඩමක ඉදිකර ඇති තෙමහල් නිවෙසක්, තංගල්ල දංකැටිය ප්‍රදේශයේ පර්චස් 9.57ක ඉඩමක පිහිටි ගොඩනැගිල්ලක්, තංගල්ල පොලොන්මාරුව ප්‍රදේශයේ පිහිටි පර්චස් 19.20ක ගොඩනැගිලි දෙකක් සහ තංගල්ල වල්ගම්පිටිය ප්‍රදේශයේ පිහිටි පර්චස් 37.25ක ඉඩමක් මෙලෙස තහනමට ලක් කර තිබේ.

අපරාධ පරීක්ෂණ සහ මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ උපදෙස් පරිදි, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.ඩබ්. වික්‍රමසේකර මහතාගේ මෙහෙයවීම යටතේ මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කෙරේ.

ඉදිරි මාසවල ගෑස් සැපයුම ගැන අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කළ විශේෂ හෙළිදරව්වක්

ඉදිරි මාසවල ගෑස් සැපයුම ගැන අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කළ විශේෂ හෙළිදරව්වක්