රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා දරුණු වෙයි - අයවැයෙන් දීමනා වැඩි කරලා නෑ - හෙට රටපුරා වැඩවර්ජන

Report

හෙට දිවයින පුරා අයවැයෙන් දීමනා ඉහළ නොදැමීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සියලු විශ්වවිද්‍යාලවල අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති සම්මේලනය සංකේත වර්ජනයක් පැවැත්වීමට නියමිතයි.

රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා විසඳීමට නිශ්චිත, විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව වැටුප් සකස් කිරීම සඳහා වූ පුළුල් යෝජනාවලියක් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිසන් සභාව වෙත නිල වශයෙන් භාරදී ඇත.

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි - කොත්තු, ෆ්‍රයිඩ් රයිස් සහ කෙටි ආහාර මිලේ වෙනසක්

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි - කොත්තු, ෆ්‍රයිඩ් රයිස් සහ කෙටි ආහාර මිලේ වෙනසක්

මේ අතර, අයවැය යෝජනා හරහා රාජ්‍ය සේවකයින්ගේ ප්‍රවාහන දීමනාව රුපියල් 50,000 කින් ඉහළ දැමීම රාජ්‍ය පරිපාලන සේවයේ" නිලධාරීන්ට " අල්ලසක් " වශයෙන් ලබා දුන් දීමනාවක් බවට එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක කළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය එම යෝජනාවලියේ දක්වා ඇත.

සුළු මොහොතකට පෙර ලාෆ්ස් ගෑස් මිල පහළට - නව මිල මෙන්න

සුළු මොහොතකට පෙර ලාෆ්ස් ගෑස් මිල පහළට - නව මිල මෙන්න

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම කරුණු විකෘති කිරීමක් බවයි. මේ අතර 2027 අයවැයෙන් තම ක්ෂේත්‍රයේ ගැටලු පිළිබඳ අවධානය යොමු නොකිරීමට විරෝධය පළ කරමින් දිවයින පුරා පශු වෛද්‍ය නිලධාරීන් අද ආරම්භ කර ඇති අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රජයේ පශු වෛද්‍ය නිලධාරී කාර්යාලවල වැඩකටයුතු අඩාල විය.